මිරිස්ස වේරගල්ල විහාරස්ථානයෙන් රුපියල් 40,000 ක් සොරාගත් දෙදෙනෙකු සොයා වැලිගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පසුගිය 07 වැනිදා විහාරාධිපති හිමිනම කුඩා සාමනේර හිමි නමකගේ පියා සමග කථාකරමින් සිටින අවස්ථාවේ එම ස්ථානයට පැමිණ ඇති නාඳුනන
පුද්ගලයින් දෙදෙනකුගෙන් එක්අයකු විහාරාධිපති හිමිනට රුපියල් 1000 නෝට්ටුවක් දී විහාරස්ථානයේ දියුණුවට රුපියල් 500 ක මුදලක්ගෙන ඉතිරි රුපියල් 500 දෙනලෙස ඉල්ලා සිට තිබෙනවා.
විහාරාධිපති හිමියන් මෙම මුදල් නෝට්ටුව මාරුකරන අවස්ථාවේ එම පුද්ගලයා කාමරයේ ඉදිරිපස සිට මෙම මුදල් මාරු කරන අයුරු බලාසිට ඇති බවයි වාර්තා වන්නේ.
පසුව මෙම දෙදෙනා පන්සලේ ඉදිරිපස වාඩිවි සිටියදි විහාරාධිපති හිමියන් වෙනත් කාර්යක් සඳහා ගොස් ඇති අතර, හිමියන් ආපසු පැමිණ බලනවිට කාමරයේ අල්මාරිය බලයක් යොදා විවෘතකර එහි තිබු රුපියල් 40000 ක මුදලක්ද සොරාගෙන ගොස් ඇති බව දැක තිබෙනවා.
මුදල් පරිත්‍යාගකර පුද්ගලයින් දෙදෙනා මේ වනවිට අතුරුදහන්ව සිටිනිසා මෙම සොරකම ඔවුන් සිදුකර ඇති බවටයි සැක පළවී ඇත්තේ.
සිද්ධිය පිලිබඳව වැලිගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.
රුපියල් 500 ක් පිනට දී 40,000 ක් සොරාගත් දෙදෙනෙකු සොයා පරීක්ෂණ
2017-08-09T16:28:00+05:30
Gossip Lanka Hot News