අනුරාධපුර රුවන්වැලි සෑයට ඉහළ අහසේ ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කිරීම නිසා එම ඩ්‍රෝන යානය චෛත්‍යයේ ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සැකකාර තරුණයා එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදා හරින ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කර තිබේ.
මෙසේ නිදොස් කොට නිදහස් කර මුදා හරිනු ලැබුවේ අලවතුගොඩ
වැලිපාර ඊ.එමි.චතුර ඒකනායක නැමැත්තාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් සැකකාර තරුණයා මුදා හැරිමට මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
සැකකරු කප්රුක් පූජාවකට පැමිණි අවස්ථාවේ ඔහුට අයත් ඩ්‍රෝන යානයක් ගුවන් ගත කර ඇති බවත් පසුව එම කැමරාව ඔහුගේ පාලනයෙන් මිදී ගොස් රත්නමාලි චෛත්‍යයේ කොත් කැරැල්ලෙහි ගැටී දෙවනුව දේවතා කොටුවේ ගැටී පසුව සෑමලූවට පතිත වී ඇති බවත් පොලිසිය මීට පෙර අධිකරණයට දැන්වීය.
ඩ්‍රෝන කැමරාව ගැටීම නිසා රත්නමාලි චෛත්‍යයට කිසිදු හානියක් සිදුව නැති බව මූලික පොලිස් විමර්ශනවලදි අනාවාරණය වී ඇත.
රුවන්වැලි සෑයට උඩින් ඩ්‍රෝනය යැවූ තරුණයා නිදහස්
2017-08-09T16:37:00+05:30
Gossip Lanka Hot News