ශ්‍රී ලංකාව සමඟ අද පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට අවතීර්ණ වීමේදී ඉන්දීය කඳවුර දෙසින් සිදු කිරීමට නියමිතව ඇත්තේ එකම වෙනස්කමක් පමණක් වුවත්, අදාළ වෙනස්කම් සිදු කිරීමේදී පළමු තරගයේ වැඩිම ලකුණු ලාභියා වූ ශිකර් ධවාන්ට ස්ථානය අහිමිවීම
පිළිබඳව ඉන්දීය කළමනාකාරීත්වයේ අවධානය දෙවරක් යොමුවන සිදුවීමක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රෙදෙන්න බැට දුන් ධවාන් තරගයේ වැඩි වැසි ඉන්දීය පිලට හරවා දුන් පළමු ක්‍රීඩකයා බවට පත්වුවද, නිත්‍ය ආරම්භක පිතිකරුවා වූ ලෝකේෂ් රාහුල පුර්ණ සුවය ලබා සිටීම ඉන්දීය නායකයාගේ නළලත රලිගන්නවන සිදුවීමක් බවට පත්ව තිබේ.
එහෙත් මේ පිළිබඳව ඉන්දීය නායක වීරත් කෝලි පවසා සිටින්නේ ප්‍රතිවාදී කණ්ඩායම පුදුමය දනවන අයුරින් එම තීරණ ගත් යුතු බැවින් ඒ සම්බන්ධව කල්තියා සඳහන් කිරීම කාලෝචිත නොවන බවයි.
දවසක් ඉතිරිව තිබියදී අපි ඒ ගැන ප්‍රකාශ කරන්න කැමති නැහැ. එය ප්‍රතිවාදීන්ට පුදුමය දනවන්නක් විය යුතුයි. යැයි කෝලි සඳහන් කර සිටියි. ඒ අනුව බැලීමේදී ධවාන් සහ රාහුල අද තරගයේදී ඉනිම ආරම්භ කරනු ලබන බව ඉන්දීය කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කර සිටින අතර පළමු තරගයේ දෙවැනි ඉනිමේ අර්ධ ශතකයක් ලද අභිනවී මුකුන්ද්ට අද තරගයේ ස්ථානය හිමිවනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමට පුදුම හිතෙන දෙයක් කෝලි අද කරන්න යයි
2017-08-03T09:01:00+05:30
Gossip Lanka Hot News