gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නියගය තදයි විල්පත්තුවේ සංචාරක බංගලා වසයි

පෞරාණික මෙන්ම ඵෛතිහාසික වටිනාකමක් ඇති විල්පත්තුව ජාතික වනෝද්‍යනයට මාස ගනනාවක් පුරා නොකඩවා වැසි නොලැබීම හේතුවෙන් අධික නියං තත්ත්වයක් විල්පත්තුව වනෝද්‍යානයට බලපා තිබේ. මෙම වසරේ මුල් මාසයේ  නිසි වර්ෂාපතනයක් විල්පත්තුව වනෝද්‍යානයය ප්‍රදේශයට   නොලැබිම නිසා  මෙම නියං තත්වය තදින් බලපා ඇති බව වාර්තා වේ.

ඒ  අනුව මේ වන විට විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුල ඉදිකර ඇති සංචාරක බංගලා රැසක් වසා තැබීමට කටයුතු කර ඇති අතර, විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුල පිහිටා ඇති ස්භාවික ඇළ,ඔය,පොකුණු ආදියෙහි ජලය බිදක්වත් නොතිබීම පුදුමය දනවන්නක්ව තිබේ.

ඒ හේතුව නිසාවෙන් සිව්පාවුන්,පක්ෂීන්ගේ පිපාසය සංසිදුවීමට වන ජීවි නිළධාරින් බවුසර් රථ මගින් ජලය සැපයීමට කටයුතු කර ඇති බව වාර්තාවෙයි. තවද වනෝද්‍යානය තුල මේ වන විට ජලය රැදවීම පිණීස පොකුණු රැසක් ඉදිකරමින් ඒවාට අවශ්‍ය ජලය පිරවීම මේ දිනවලදී සිදුකෙරන බව පැවසේ.

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති දරුණු නියගය හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සැරිසරණ වන සතුන්ට යන එන මං නොමැතිකමත් ඔවුන්ට අවශ්‍ය ආහාර සහ ජලය හිගවීම වැනි කරුණු කාරණා නිසාවෙන් මේ වනවිට වල් අලි රංචු වශයෙන් ජාතික වනෝද්‍යානයේ සිට ගම්මාන වෙත ඇදීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බවයි ගම්මුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

මෙසේ ගම්වදින වල් අලියන් කුඹුරු ඉඩම් සහ පොල් ඉඩම් වෙත ඇදීමෙන් එහි භවභෝගවලට දැඩි අලාභ හානි සිදුකරබ බවත්, සමහර අවස්ථාවන් වලදී විදුලි වැටේ ගැටීමෙන් වල් අලියන් මරණයට පත්වන අවස්ථාද සුළභව දක්නට ලැබෙන දසුනක්ව තිබේ.

-සටහන සේයා රූ පුත්තලම කේ.ප්‍රියංකර
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka