gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඌරුවරිගේ වන්නිලඇත්තන් අයිතිය ඉල්ලයි

ආදිවාසින්ගේ වගකීම ද අමාත්‍යංශයකට භාර දිය යුතු බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසනවා.

ඔහු කියා සිටියේ රටේ විවිධ අමාත්‍යංශ තිබුණ ද ආදිවාසීන්ගේ වගකීම භාර ගැනීමට කිසිඳු අමාත්‍යංශයක් නොමැති බවයි.

ඌරුවරිගේ වන්නිලඇත්තන් මේ බව කියා සිටියේ මහියංගනය
මොරබැද්දේදී පැවැති ආදිවාසි දින සැමරුම් උත්සවයේ දී මාධ්‍ය අමතමින්.

ආදිවාසි දින සැමරුම් උත්සවය සඳහා වැය ශීර්ෂයක් පාර්ලිමේන්තුවෙන්ම අනුමත කර ගත යුතු බවයි ඌරුවරිගේ වන්නිලඇත්තන් මෙහිදී කියා සිටියේ.

වෙනත් රටවල මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා රජයට බලපෑම් කර සිය අයිතීන් දිනා ගැනීමට කටයුතු නොකරන බවද මෙහිදී අවධාරණය කෙරුණා.

ආදිවාසි දිනය ද වෙනත් දිනයන් සේ දිනයකට පමණක් සීමා නොකර සංස්කෘතිය, පාරම්පරික ජීවන රටාව හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ද පියවර ගැනීම රජයේ වගකීමක් බවයි ඌරුවරිගේ වන්නිලඇත්තන් වැඩිදුරටත් කියා සිටියේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka