gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අකුරැස්සේදී සා.පෙළ සිසුවියක් නිල්වලා ගඟට පැන කරගත් අපරාධය - Video & Photos

අකුරැස්ස පැරණි පාලමෙන් නිල්වලා ගඟට පාසල් සිසුවියක් පැන තිබෙනවා.


ඊයේ (09) දහවල් 1.30 ට පමණ ඇය ගඟට පැන ඇති අතර සවස 6 වන තෙක්ම ඇයව හමුවී නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස අතුරුදන්වී ඇත්තේ මාරඹ ප්‍රදේශයේ පදිංචි සිසුවියක් වන අතර
ඇය පෝරඹ ප්‍රදේශයේ පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇතැයි අනාවරණ වී තිබෙනවා.

අකුරැස්ස නව පාලමෙහි තීන්ත ආලේප කරමින් සිටි පුද්ගලයෙකු ප්‍රකාශකර ඇත්තේ සිසුවිය ගගට වැටෙන ශබ්දය ඇසී බලන විට ඇය දියේ ගිලී ගිය බවයි.

තමාට පිහිනීමට නොහැකි වීම හේතුවෙන් ඇය බේරා ගැනීමට නොහැකි වු බවයි එම පුද්ගලයා සඳහන් කර ඇත්තේ.

සිද්ධියෙන් පැයකට අධික කාලයක් ගතවුව ද සිසුවිය සෙවීමට කිසිවෙකුත් නොපැමිණි බව අප වාර්තාකරු සඳහන් කළා.

පසුව ප්‍රදේශවාසී තරුණයෙකු ගඟට පැන සෝදිසි කරන අතරවාරයේ තවත් තරුණයෙකු ඔහුට සහය වී තිබෙනවා.

අනතුරුව අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ බෝට්ටුවක් ද මෙහෙයුමට එක්වී තිබෙනවා.
කෙසේවෙතත් අද පස්වරු 6 පමණ වන තෙක් සිසුවිය සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

වීඩියෝව සහ ඡායාරූප පහතින්..



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka