gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හොර බඩු අල්ලන්න ගිය සුරාබදු ලොක්කන්ව වතුකම්කරුවො අල්ලගෙන (ඡායා)

හැටන් සුරාබදු කාර්යාලයේ නිළධාරින් පිරිසක් හැටන් ඇබොර්ස්ලි වතුයායේ නීති විරෝධි මත්පැන් සහ මත් ද්‍රව්‍ය වැටලීමකට ගිය අවස්ථාවේ සුරාබදු නිළධාරින් පැය තුනකට ආසන්න කාලයක් වතු කම්කරුවන් විසින් අල්ලාගෙන සිටි බව වාර්තා වේ.

සුරාබදු නිළධාරීන් හා වතු කම්කරුවන් අතර ඇති වු නොසන්සුන්කාරි
තත්ත්වයකින් පසුව මෙසේ වතු කම්කරුවන් සුරාබදු නිළධාරීන් අල්ලාගෙන තිබේ.

ඊයේ (09) පස්වරු 2.00 ට පමණ එම නිළධාරින් එම වතුයායේ මොන්ටිෆෙයාර් කොටසට ගිය අවස්ථාවේ සැකපිට තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව වතු කම්කරුවන් එයට විරෝධය පා සුරාබදු නිළධාරි පැමිණි වාහනය සහ නිළධාරින්ව ඔහුන්ගේ භාරයට ගෙන හැටන් ඇබොර්ස්ලි ප්‍රධාන මාර්ගය අවහිර කරමින් නොසන්සුන්කාරි තත්ත්යක් ඇති කර ඇත.

පසුව හැටන් පොලිසියේ නිළධාරීන් එම ස්ථානයට ගොස් සුරාබදු නිළධාරින්ව මුදා ගැනීමට උත්සාහ කිරීමේදී වතු කම්කරුවන් පවසා ඇත්තේ තම වතුයායේ තරුණයින් තිදෙනෙකුට පහරදුන් සුරාබදු නිළධාරින් සියලූ දෙනාගෙන්ම සමාව ගත යුතු බවයි.

පසුව සුරාබදු නිළධාරීන් විසින් වතු කම්කරුවන්ගෙන් සමාව අයද සිටීමෙන් පසු එම පිරිස වතු කම්කරුන් විසින් මුදාහැර එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථාතත්ත්යට පත් කර තිබේ.

සුරාබදු නිළධාරීන් පහරදුන්නේ යැයි කියන තරුණයන් තිදෙනෙක් දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද මේ අතර වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් සුරාබදු කාර්්‍යාලයේ ස්ථාන භාර නිළධාරී තිලකරත්න මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු කියා සිටියේ වතු ආශ්‍රිතව වැටලීම් වලට යාමේදී  මෙවැනි බාධාවන් ඇති වන බවත්, කිසිදු අවස්ථාවක සැකපිට අත්අඩංගුවට ගත් එම වතුයායේ තරුණයන්ට පහරදීමක් සිදු නොකළ බවත්ය. කෙසේවුවද සිද්ධිය සමතයකට පත්කර ඇති බවද ඔහු කියා සිටියේය.

රංජිත් රාජපක්ෂ - හැටන් වාර්තාකරු

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka