පසුගිය කාලය පුරාවටම ශ්‍රී ලංකාවට ක්‍රිකට් පිටියේ අත්විඳීමට වූ පරාජයන් වලට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල වගකිව යුතු බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසයි.
AFP පුවත් සේවය වෙත අදහස් දක්වමින් රණතුංග පවසා තිබුණේ ජාතික කණ්ඩායමේ නිසි විනයක් නොමැති බවත් ය.
“ජාතික කණ්ඩායමේ නිසි විනයක් නෑ. ඒත් මේ සූදු වලට ක්‍රීඩකයන් සම්බන්ධ වුණාම ඔවුන්ට වරද පටවලා තේරුමක් නෑ. ඉස්සෙල්ලා නිලධාරීන් පිළිවෙලක් වෙන්න ඕන.”
සුමතිපාල මහතා හා සූදු වලට ඇති සම්බන්ධතා මෙන්ම වත්මන් ක්‍රිකට් පාලකාධිකාරයේ හැසිරීම්
සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද රණතුංග මහතා පවසන බව AFP පුවත් සේවය සඳහන් කරයි.
“මට දැනගන්න ඕන ආචාර ධර්ම තත්ත්වයන් සම්බන්ධයෙන් මේ මිනිස්සු (ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වය) ගැන හොයන්න බලන්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පිටකොන්දක් තියෙනවාද කියලා,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තවමත් ප්‍රතිචාර දක්වා නොමැත.
කෙසේවෙතත්, AFP පුවත් සේවය වෙත අදහස් දක්වමින් තිලංග සුමතිපාල මහතා පවසා ඇත්තේ සුදූ ව්‍යාපාර හා පෞද්ගලිකව, ඍජුව හෝ වක්‍රව කිසිඳු ගණුදෙනුවක් නොමැති බවයි.
අර්ජුන ICC පරීක්ෂණයක් ඉල්ලයි
2017-08-10T13:49:00+05:30
Gossip Lanka Hot News