රු.25,000 ක අවම දඩ මුදලට කැබිනට් අනුමැතිය
රථ වාහන වැරදි සඳහා රුපියල් 25,000 ක අවම දඩ මුදල අය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම, මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීම, දුම්රිය මාර්ගයක් හරහා අපරීක්ෂාකාරි ලෙස මෝටර්
රථයක් ඇතුලු කිරීම සහ වලංගු රක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය කිරීම යන වැරදි සඳහා මෙම අවම දඩ මුදල ක්‍රියාත්මක වන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේය.
මේ හැර අධික වේගයෙන් රිය පැදවීම, වමෙන් ඉස්සර කිරීම, නොසැලකිලිමත් අයුරින් රිය ධාවනය කිරීම, බාලවයස්කරුවන් විසින් රිය පැදවීම සඳහා අවම දඩ මුදල් රුපියල් 2500ක් දක්වා ඉහළ දමා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
රු.25,000 ක අවම දඩ මුදලට කැබිනට් අනුමැතිය
2017-08-10T14:58:00+05:30
Gossip Lanka Hot News