gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හොඳම පන්දු රකින්නාගේ බෝල කඩේ !

ශ්‍රී ලංකාවෙන් බිහිවූ අති දක්ෂ පන්දු රකින්නකුව සිට පසුව පන්දු රැකීමේ පුහුණුකරුවකු වී සිටි උපුල් චන්දන ව්‍යාපාරයකට අතගසා තිබේ.

වසර 1992 දී දඟ පන්දුයවන්නෙකු ලෙස ශ්‍රී ලංකා පිලට එක්වූ ඔහු මෙසේ ආරම්භ කර ඇති නව ව්‍යාපාරය වන්නේ ක්‍රීඩා භාණ්ඩ වෙළෙඳ සැලකි.

එය එන්.සී.සී. ක්‍රීඩාංගනය ආසන්නයේ පිහිටා තිබේ.

එහි ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය ආම්පන්නවලට අමතරව ටෙනිස් වැනි ක්‍රීඩාවන්ටද අවශ්‍ය උපකරණ අලෙවිය සඳහා
තබා ඇත.

මෙම වෙළඳසැල ආරම්භ කිරිමේ අදහස කුඩා කළ සිටම උපුල් ගේ සිතේ තිබී ඇති අතර එයට හේතු වී ඇත්තේ ඔහු ගාල්ලේ ක්‍රිකට් ක්‍රීඩා කරන අතර මුහුණදුන් අත්දැකීමකි.

සිය අත්දැකීම ඔහු මෙසේ විස්තර කළේය.

”පොඩි කාලේ මම ගාල්ලේ සෙල්ලම් කරද්දි එක බෝලෙකින් අපි මාසයක් ක්‍රිකට් ගැහුවා, අපිට ලොකුවට සල්ලි තිබ්බේ නෑ වගේම බෝලයක් ගන්න ඒ දවස්වල හරිහමන් කඩයක් තිබුණෙත් නෑ, එකපාරක් මම බෝලේ අතට ගද්දි ඒකට කෑලි දෙකකට කැඩෙන්න ඔන්න මෙන්න වගේ, එදා තමයි මම හිතුවේ කවදා හරි දවසක මම ලොකුවෙලා ක්‍රීඩා භාණ්ඩ තියෙන කඩයක් දානවා කියලා”

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka