සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා පංති පැවැත්වීම හෙට (11 වැනිදා) සිට ආරම්භ කරන බව ජාතික සහජීවනය, සංවාද සහ රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා ඊයේ (09 වැනිදා) 'දිවයින'ට පැවැසීය.
රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු
ආයතනය හරහා මෙලෙස මන්ත්‍රීවරුන්ට භාෂා පුහුණුව ලබාදීමට තීරණය කළ බවද ඇමැතිවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්‌වූ මනෝ ගනේෂන් ඇමැතිවරයා
මේ රටේ සිංහල සහ දමිළ යන භාෂා දෙකම රාජ්‍ය භාෂාවන් බවත් ඉංග්‍රීසි යනු සුද්දන්ගේ පමණක් නොව අපගේත් භාෂාවක් බවත් කීය.
මැති ඇමැතිවරුන් රට පුරා ගොස් භාෂාව ඉගෙන ගන්නා ලෙස ජනතාවට පැවසුවත් ජනතාවට එසේ කීමට පෙර ඔවුන් භාෂා තුනම දැනගෙන සිටිය යුතු බවත් හෙතෙම පැවැසීය.
"ඒ නිසා මගේ සහෝදර ඇමැතිවරුන්ට කියනවා හෙට (11 වැනිදා) සිට මගේ අමාත්‍යාංශය මෙහෙයවන භාෂා පංති වෙනුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්‌වන ලෙස. එමෙන්ම පාර්ලිමේන්තු සභාවේ හැසිරෙන විදිහට මේ පංතියේ හැසිරෙන්න එපා කියලත් කියන්න කැමැතියි යනුවෙන්ද හෙතෙම පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට හෙට සිට භාෂා පංති
2017-08-10T09:50:00+05:30
Gossip Lanka Hot News