gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සැමියාට පානය කිරීමට ගංජා වගාකළ කාන්තාව අත්අඩංගුවට

සැමියාට පානය කිරීම සදහා ගංජා වගාකර ඊට සාත්තුකල ගෙවිලියක් කහටගස්දිගිලිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිළධාරින් අඩි හතක් උසට හොදින් වැඩුණු ගංජා පැලය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

කහටගස්දිගිලිය පොලිස් වසමේ කෝන්වැව මාර්ගයේ පදිංචි ගෙවිලියක් සැමියාට ගංජා සුරුට්ටු ඉරීම සදහා ගංජා වවන බවට ලැබුණු
තොරතුරක්මත නිවස වටලා ගංජා පැලය සමග අත්අඩංගුවට ගෙන තිබුණි.සැකකාරියේ නිවස පිටුපස පිහිටි ජල කරාමය ආසන්නයේ ගංජා පැලය වවා තිබූ බවත් එය අඩි හතයි අගල් හතක් පමණ උසට වැඩී තිබු බව පොලිසිය පැවසුවේය.

සැකකාරියගේ සැමියා ගංජා සුරුට්ටු ඉරිමට තදින්ම ඇබ්බැහිවී සිටින බවත් ඔහු අවස්ථා දෙකකදී පොලිස් අත්අඩංගුවට පත්වී අධිකරණයට ඉදිරිපත් කල අයෙකු බව පොලිසිය පැවසුවේය.සැකකාර ගෙවිලිය සැමියාගේ අවශ්‍යතාව සදහා ගංජා පැලය සදා වතුරු දමමින් ඊට සාත්තුකර තිබෙන බවත් විටින් විට ගසෙන් පලදාව ලබාගෙන තිබේන බව පොලිසිය පැවුසවේය.

අත්අඩංගුවටගත් ගංජා පැලයේ කිලෝග්‍රෑම් එකක පමණ බරින් යුතු ගංජා දළු සහ කොළ තිබු බවත් එය වියළුණු පසුව ග්‍රෑම් 250ක් පමණ වන බව පොලිසිය පැවසුවේය.පනස් හැවරදි දෙදරු මවක් වන ගෙවිලිය අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වරද පිළිගත් අතර ඇයට දඩුවම් නියම කිරීම සැප්තැබ්බර් මස 17 වනදාට කල් තැබීමට විනිසුරුවරයා නියෝග කලේය.

කහටගස්දිගිලිය පොලිසිය සැකකාරිය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කලේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka