gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමරිකා හිටපු ජනපති බිල් ක්ලින්ටන් බුදු දහම නිසා හෘද රෝගයකින් බේරෙයි…

ගම්පහ විද්‍යා රවීන්ද්‍ර පිරිවෙණේ තෙමහල් ධාතු මන්දිරයට මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විනි.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, “ථෙරවාදී බෞද්ධ දර්ශණය විඥානවාදී දර්ශණයක්. මෙම දහම දේශනා කළේ වසර 2500 කට ප්‍රථමයි. අද පවතින විද්‍යා හා තාක්ෂණයෙන් දියුණු ලෝකය පිළිබදව බුදුරජාණන් වහන්සේ මීට පෙර දේශනා කිරීම පුදුමය දනවන කරුණක්. විද්‍යාව හා තාක්ෂණය දියුණු නැති
කාලයක මෙවැනි දර්ශණයක් දේශනා කළේ කොහොමද කියා ප්‍රශ්ණයක් මතු වෙනවා. මෙම විද්‍යාත්මක දර්ශණය අද වන විට යුරෝපය පුරා ප්‍රචලිත වී තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බිල්ක්ලින්ටන් පවා හෘද රෝගයකින් බේරීමට බෞද්ධ දර්ශණය අනුගමනය කර තිබෙනවා. සුදු ජාතිකයින් බුදු දහම වැළැදගන්නා ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. යුරෝපයේ සිටිනබුද්ධිමතුන් බලාපොරොත්තු වන එකම දර්ශණය නිර්මල බුදුදහමයි. එම දහම නිවැරදිව සුදු ජාතිකයින්ට ලබාදෙන්න පුලුවන් නම් ලැව් ගින්නක් සේ ඔවුන් බුදු දහම වැළැද ගන්නවා. ඔවුන් දන්නවා මෙය විද්‍යාත්මක දර්ශණයක් බව. දෙවියන් වහන්සේ විසින් මිනිසා මවන ලදි යන දර්ශණය එවිට වලංගු වන්නේ නැහැ. මොකද බුදු දහමින් එය විද්‍යාත්මකව තහවුරු කර තිබෙන නිසා.”

– ප‍්‍රසන්න අධිකාරී


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka