gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උසාවියට ආපු උඩුවේ හිමියන් දහවල් දානය වළදපු හැටි

නීති විරෝධී අන්දමින් "චුටි පුතා" නමැති අලි පැටවා සිය විහාරස්‌ථානයේ රඳවා තබා ගැනීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවේ විත්තිකාර උඩුවේ ධම්මාලෝක හිමියන් තමන් වහන්සේට අධිකරණය හමුවේදී විශේෂ ප්‍රකාශයක්‌

කිරීමට අවසර ලබාදෙන ලෙස කළ ඉල්ලීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විඡේරත්න මහතා ඊයේ (8 දා) අවසර ලබා නොදුන්නේය.

විත්තිකාර හිමියන්ගේ නීතිඥවරයා ඉදිරිපත් කළ මෝසමක්‌ අනුව ඊයේ එම නඩුව කැඳවූ අවස්‌ථාවේදී ධර්ම
ප්‍රචාරක කටයුතු සඳහා උන්වහන්සේට ලබන සැප්තැම්බර් 19 වැනිදා දක්‌වා විදේශ ගතවීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර පැමිණිල්ල මෙහෙයවන රජයේ අධිනීතිඥවරයා එම ඉල්ලීමට විරුද්ධත්වයක්‌ නොදැක්‌වීම නිසා ඒ සඳහා අධිකරණය අවසර ලබා දුන්නේය.

එම අවසරය ලබාදීමට අධිකරණය තීරණය කිරීමෙන් අනතුරුව විත්ති කූඩුවේ සිටි උඩුවේ හිමියන් අසලට ගිය විත්තියේ නීතිඥවරයා උන්වහන්සේට විශේෂ ප්‍රකාශයක්‌ කිරීමට අවසර පතන බව අධිකරණයට දැනුම් දුන්නේය.

යම් විත්තිකරුවකුට විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක්‌ කිරීමට අවසර ලබාදිය හැක්‌කේ පැමිණිල්ලේ නඩුව අවසන් කොට විත්තියේ නඩුව ආරම්භයේදී හෝ අවසානයේදී බව පෙන්වා දුන් රජයේ අධිනීතිඥ විශ්ව විඡේසූරිය මහතා එම නඩුව විභාගයට ගැනීමට දින නියම කර ඇති අවස්‌ථාවක එවැනි අවසරයක්‌ විත්තියට ලබාදීමේ නීතිමය හැකියාවක්‌ නොමැති බව අධිකරණයට පෙන්වා දුන්නේය.

රජයේ අධිනීතිඥවරයා දැක්‌වූ එම කරුණු සලකා බැලූ අධිකරණය ඒ සඳහා අවසර ලබානොදුන් අතර නඩු විභාගය ලබන සැප්තැම්බර් 20 වැනිදා පැවැත්වීමට තම අධිකරණය මේ වන විටත් දින නියම කර ඇති බැවින් එදින පෙනී සිටින ලෙසට විත්තිකාර හිමියන්ට නියෝග කළේය.

මේ අතර අධිකරණයේ නඩුවට ආ උඩුවේ හිමි දහවල් දානය වළදපු හැටි කොයි කාගේත් කතාබහට ලක්විය. ඡායාරූප පහතින් බලන්න.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka