කුරුණැගල ප්‍රදේශයේ ගොවි නියෝජිතයින් පිරිසක් තෑගිභෝග රැගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සදහා පසුගියදා තංගල්ල කාල්ටන් නිවසට නෑගම් ආහ. ගොවි නියෝජිතයින් සමග ඔවුන්ගේ බිරින්දෑවරු දූදරුවන්
හිටපු ජනාධිපතිවරයා මුණගැසීම සදහා පැමිණ සිටියහ. පළතුරු, ධන්‍ය
වර්ග ඇතුළු තෑගි භෝග රැගෙන මොවුන් හිටපු ජනාධිපතිවරයා හමුවිමට පැමි‚ සිටි අතර ගොවි නියෝජිතයින් හිටපු ජනාධිපතිවරයා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
තමන් පත්ව සිටින අසරණ තත්ත්වය පිළිබද මෙහිදි ගොවි නියෝජිතයින් හිටපු ජනාධිපතිවරයාට කරණු පැහැදිලි කළේය. කන්න දෙක තුනක් වගා කිරීමට නොහැකිවූ බවද ගොවි නියෝජිතයින් කීහ. එදින දහවල් මෙම පිරිස වෙනුවෙන් කාල්ටන් නිවසේ දිවා ආහාරයද සුදානම් කොට තිබු‚. දහවල් කෑම මේසය රුහුණට ආවේ‚ක කෑම වර්ගවලින් හැඩගැන්වී තිබු‚
ලලිත් කංකානම්ගේ- ගිංතොට/ සමන් කුමාර – බූස්ස
කුරුණෑගල ගොවියෝ තෑගිභෝග අරන් කාල්ටන් ඇවිත්
2017-08-09T08:59:00+05:30
Gossip Lanka Hot News