gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මම තරම් මෛත්‍රී මහත්තයට බැණපු කෙනෙක් තව නෑ

මම තරම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට බැණපු කෙනෙක් හිටියේ නෑ. මොන විදිහටද බැන්නේ එදා මම. ඒත් අවසානයේදී මට එතුමා ගාවටම යන්නවුණා. එහෙම ගියා කියලා අපිට වෙනසක් එතුමා කළේ නෑ. මෙලෙස අදහස් දැක්වූයේ

පසුගිය දා නිකවැරටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අදහස් දක්වමිනි. එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

අද අපේ පක්ෂය ගැන දෙපාරක් හිතන්න වෙලා තියෙනවා. එක ‍පොහොට්ටුවෙන් යන ඔය කෑ ගහන අය සමග ඉන්නවාද එහෙම නැතිනම්
අපේම පක්ෂය සමග ඉන්නවාද කියලයි. හැබැයි අම්මලාට විරුද්ධව දුවලා මේක කඩාගෙන ගියා. අක්කලාට විරුද්ධව මල්ලිලා මේක කඩාගෙන ගියා. තව තවත් විදිහට ගියා. අවසානයේ ඒ සියලු දෙනාටම එන්න වුණේ මට වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටමයි. අද ඔය මහින්ද මහත්තයාගේ සාක්කුවේ ඉඳලා කෑ ගහන අයට වඩා එදා මහින්ද මහත්තයා දිනවන්න අපි වැඩ කෙරුවා. උගුරේ ‍ලේ රහ වෙනකන් හන්දි හන්දි ගාණේ කෑ ගහලා ‍පෝස්ටර් ගහලා බෙදන්න පුළුවන් හැමදේම බෙදුවත් අපි පරාද වුණා. ඒ ඇයි කියලා අදවත් සමහරු හොයන්නේ නෑ. මේ රටේ අවුරුදු තිහක කුරිරු යුද්ධය ඉවර කරපු තරුණ නායකයා මහින්ද උපාධිධාරීන්ට රැකියා දන්නා.

මාලිගාපිටියේ. මෝටර් සයිකල් හත්දාහක් රජයේ සේවකයන්ට දෙනකොට මම ඒකේ ටැංකියේ මහින්ද මහත්තයාගේ රූපේ අලවන කොට එදාම එළියට එනකොට ඒවා ගලවලා. එහෙම කරලත් අපි පැරදුණා. එහෙම වුණේ යුද්ධය ඉවර කෙරුවට උතුරේ. අහිංසක මිනිසුන්ගේ හිත දිනාගෙන හිටියේ නෑ. රාජ්‍ය සේවකයන් එහෙම සලකද්දී රාජ්‍ය සේවකයෝ ගස් බැඳලා දණ ගස්වලා දාපු අය අපි ගාව හිටියා. මේවා තියෙනකොට එය කියන අය ඇහුවේ නෑ.

මාධ්‍යවේදීන් මැරුවා, උද්ඝෝෂණ කරපු අයට වෙඩි තිබ්බා, මේ සියල්ල කරන කොට උඩින් ආපු අය මේවා අතට අරගෙන පාලනය කරන්න හැදුවා. ඒ හැම එහෙකින්ම වුණේ අපිට වුණ අවාසියයි. ඔය මහින්ද මහත්තයා උස්සාගෙන අද දුවන්න හදන අය එදා දිව්වේ වාහන දහය පහළොව පාරේ දාගෙන. ‍ලේකම්වරු අතේ කකු‍ලේ ඇඟිලි ගාණට දාගෙනයි. ඒ අය ජනතාව සමග හිටියේ නෑ. ඒ නිසා අපි පැරදුණා. අද අපි මේ පක්ෂය පිරිසිදු විදිහට හදාගෙනයි යන්නේ. මාත් කැමැතියි හෙට මහින්ද මහත්තයා අගමැති වෙලා ඒ ආණ්ඩුවේ ඇමැති කෙනෙක් විදිහට ඉන්න. ඒත් ඒක සිද්ධවෙන්නෙ නෑ.

මොකද මේ ආණ්ඩුව දෙදහස් විස්ස දක්වා ගෙනියනවා. ඒ නිසා අපි අපේ පාක්ෂිකයන්ට උදව් කළ යුතුයි. නායකත්වයට විරුද්ධවෙලා වැඩක් නෑ. ඒ අය කොහොම හරි පක්ෂය රැක ගන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයා එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව වැඩ කරපු කී දෙනකුට වැරදුණාද අවසානයේ නායකයා එයාමයි. ඒ නිසා ඉන්න නායකයා එක්ක වැඩ කළ යුතුයි. ඒ නිසා අපේ පක්ෂයේ පිරිසිදුම නායකයා අද මෛත්‍රීපාල සිරිසේන මහතායි. අපි පැරදුණා කියලා අපිට කිසිම වාසියක් වෙන්නෙ නෑ. වාසිය ගන්නේ එක්සත් ජාතික පක්ෂයයි. මේක අපේ ගමේ පාක්ෂිකයා තේරුම් ගත යුතුයි. අපි කොහෙද යන්නෙ කොහොමද පක්ෂ හදන්නෙ කියලා දෙපාරක් සිතීමට කාලය උදා වෙලා.

මොකද අද මේ වෙන සියලු දේවල් පිළිබඳ වෙනදාට වඩා මහජනතාව අවබෝධයෙන් ඉන්නේ. ඒ නිසා දෙපාරක් පැරදුණ අපිට ආයේ පැරදෙන්න ඕනෑ නෑ. අද අපේ පක්ෂයේ හොරකම් කරපු අය නෑ. මැරවර කරපු අය නෑ. ඉන්නවා නම් ඒ අයට ඉන්න ඉඩකුත් නෑ. මේ සියල්ල දිහා ජනතාව ඇස් ඇරගෙන බලාගෙන ඉන්නේ. උතුරෙත් දකුණෙත් සියලු ජනතාවගේ බලා‍පොරොත්තු එක වගේ ඉටු කරන අපේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ඉදිරි සියලු මැතිවරණ ජයගෙන මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හැදීමයි අපේ බලා‍පොරොත්තුව.

සමන් කුමාර – නිකවැරටිය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka