gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ටියුෂන් පනත මඟඑන බව විජේදාස කියයි !

පෝය දින සහ ඉරිදා දින පස්වරු දෙක දක්වා  පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම පිළිබදව පනත ළඟදීම පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කියයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 40 ක් පිරීම වෙනුවෙන් සිය පෞද්ගලික
ධනයෙන් මහරගම ආසනයේ ගැබිනි මවුවරුන් 600 දෙනෙකුට පෝෂණ මලු බෙදාදුන් අවස්ථාවේය.(මහරගම තරුණ සේවා සභාවේ පැවති 77 විප්ලවයට වසර 40 යි ප්‍රදර්ශනයට සමගාමීව මෙම උත්සවය පැවැත්විණි.)

පනත නීතිගත කිරීමට පෙර එම ආයතන ප්‍රධානීන් සමග ද සාකච්ඡා කළ බවත්,  උපකාරක පන්ති ගුරුවරුන් සමග ද සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනත් ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධව මහා සංඝරත්නය ආගමික නායකයින්ගෙන් ද උපදෙස් ලබාගැනීම සිදුකළ බවත්, මේ තිරණයෙන් දරුවන් දහම් පාසල්වලට යොමුවනු ඇතැයි විශ්වාස කරන බවද විජේදාස මහතා කීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

“කොතරම් උගතෙක් වුවත් බුද්ධිමතෙක් වුවත් ඔහු හෝ ඇය බුද්ධිමතෙකු වන්නේ ආගමික දැනුමෙන් ලබන පරිචය හා ඔහු ලබා ගන්නා වු ආගමික දැනුම සමගයි. ඒ අනුව නිදහස් අධ්‍යාපනයෙන් දරුවන් කෙතරම් ඉහලට ගියත් ඔවුන් ගුණ ධර්ම වලින් පෝෂණය වී නොමැති නම් ඔවුන් ලැබු අධ්‍යාපනය ජාතියට නිසි පරිදි ගලා ගෙන යන්නේ නැහැ.ඒ නිසා සෑම දරුවෙක්ම ඔවුන් ලබන ආගමෙන් දහමෙන් පෝෂණය ලැබිය යුතුයි. ආගමික ශික්ෂණයක් ලද දරුවා කිසිවිටෙක සමාජ විරෝධී ක්‍රියාවක් සිදු කරන්නේ නැහැ .ආගමික පරිසරයෙන් යුතු පුරවැසියෙක් ගෙන් සෑම විටම සමාජයට වන්නේ යහපතක්."




ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka