ඉන්දීය බලධාරීන් පාකිස්තානයේ සිට ඉන්දියාව හරහා ශ්‍රී ලංකාව වෙත
රැගෙන විත් එම මත්ද්‍රව්‍ය ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් වෙත බෙදා හැරීමේ ජාවාරම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයිද පැවසේ.
ඇෆ්ගනිස්ථානය මෙම මත්ද්‍රව්‍ය නිපදවනු ලැබූව ද ඒවා එක්රැස් කිරීමේ සහ බෙදා හැරීමේ ජාලය පාකිස්තානය විසින් පාලනය කරන බව එම පුවත්පත සඳහන් කරයි.
මසකට එවැනි මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2000ක් පමණ ප්‍රමාණයක් සඳහා ඉල්ලුමක් පවතින බවත් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය පවසා ඇත.
මෙම තොරතුරු හෙළි වී ඇත්තේ ඉන්දීය වෙරළාරක්ෂකයන් විසින් ගුජරාට් ප්‍රාන්තයට ඔබ්බෙන් වූ මුහුදේ දී යාත්‍රාවක තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1500ක තොගයක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 3500 ඉක්ම වන බව ද සඳහන් වෙයි.
ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.
