gossip lanka

15 හැවිරිදි සිසුවෙක් ඇතුළු සොර කල්ලියක් පොලිස් දැලේ

සංවිධානාත්මක ලෙස සොරකම් සිදු කරන සොර කල්ලියක සාමාජිකයින් අට දෙනෙකු දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් යතුරුපැදි සොරාගෙන ඒවා කොටස් කර ව්‍යාජව ලියාපදිංචි කර අළෙවි කරන බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් අතර කාන්තාවක් හා 15 හැවිරිදි පාසල් සිසුවෙක් ද සිටින
බවයි වාර්තා වන්නේ.

දිවයිනේ විවිධ පළාත්වලට ගොස් කාන්තාව හා ප‍්‍රධාන සැකකරු යතුරුපැදි සොරා ගන්නා අතර එම යතුරුපැදි යොදා ගෙන කාන්තාවන්ගේ ගෙළ බැදි රන් මාල කඩා ගන්නා බවයි පොලිසියට අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් බුලනවැව, කුරුණෑගල, දේවහුව සහ නෑගම්පහ ප‍්‍රදේශවල පදිංචි පුද්ගලයින්. දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



gossip lanka