gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යතුරුපැදි බද්ද 90% කින් අඩු කලේ ඉන්දියාවට රිදවන්නද ?

ආණ්ඩුව විසින් එන්ජින් ධාරිතාවය 150 ට අඩු යතුරුපැදිවල වටිනාකම මත පනවා තිබූ 90% ක බදු ඉවත්කලේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන යතුරුපැදි අලෙවිය අඩාල කිරීම සඳහා යයි ඇතැම් මාධ්‍ය වල පලවී ඇති වාර්තා පදනමකින් තොරබව මුදල් හා මාධ්‍ය අමාත්‍යංශය අවධාරණය කර සිටියි.

අප කල විමසීමකදී අදහස් දැක්වූ මුදල් හා
මාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවසුයේ, යතුරුපැදි සදහා මෙතෙක් පැවති වටිනාකම මත බදු අයකිරීමේ ප්‍රතිපත්තිය වෙනුවට ඇන්ජින් ධාරිතාවය මත බදු අය කිරීමේ ප්‍රතිපත්තිය පසුගියදා ක්‍රියාත්මක කලේ වෙළඳ පලේ පැවති විකෘතියක් නිවැරදි කිරීම සඳහා බවයි.

වටිනාකම මත බදු අයකිරීමේ ප්‍රතිපත්තිය මත ජපානය වැනි රට වලින් ගෙන්වන යතුරුපැදි වෙළඳපල තුල විශාල මිලක් නියමවී තිබු බව ඔහු සඳහන් කළේය.

කිසිම රටකට විශේෂ වරප්‍රසාද දීම වැරදියි :

ශ්‍රී ලංකාව සමග ගිවිසුමකින් තොරව විදෙස් රටකට විශේෂ වෙළඳ ප්‍රතිලාභ නිරායාසයෙන් ලැබී යාමේ අසාධාරණය පසුගියදා සිදුකල සංශෝධනයෙන් ඉවත්වූ බවද ඔහු පැවසිය.

''ආනයනික ප්‍රතිපත්තිය වන්නේ ආනයනය සදහා තීරැ බදු නැතිනම් යන පදනමයි. ආනයනික යතුරු පැද සදහා තීරු බදු අය කරනුයේ එහි ඇන්ජින් ධාරිතාවය අනුවයි. එක් සී.සී ධාරිතාවයකට රු 1000 බැගින් තීරු බදු පනවා තියනවා.
ඒ වගේම කුඩා ලොරි සදහා වන නිෂ්පාදන බද්ධ ලක්ෂ 3 න් අඩුකර තියනවා. ඒ අනුව කුමන රටින් වාහන ආනයන කළත් එකම හා සමාන තීරු බදු අය කරන්නේ'' එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

ඉන්දීය යතුරුපැදිවල මිල වෙනස් නොවේ :

ආණ්ඩුව විසින් බදු සංශෝධනයක් සිදුකළත්, ඉන්දියාවෙන් ආනයනය කරන යතුරුපැදිවල මිල ගණන් වෙනස් නොවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා සදහන් කළේ මෙම බදු අඩු කිරීම තුළින් සිදුවන්නේ ජපානයේ නිෂ්පාදිත යතුරුපැදි ඉදිරියේදී මෙරටට විශාල ලෙස ආනයනය කිරීම පමණක් බවයි.

මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කළ බදු සංශෝධනය නිසා ඉදිරියේදී කුඩා ලොරි රථ සහ කැබ් රථ වල මිල රුපියල් ලක්ෂ 3 කින් පමණ අඩුවනු ඇතැයි ද ඔහු කියා සිටියේය.


මිළ අඩුවූ ජපන් බයික් වර්ග ලිස්ට් එක මෙන්න

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka