gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

Political Library : බැසිල් ගෙන් අලුත් සංවිධානයක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විද්වත් ප්‍රජාවගෙන් සැදුම්ලත් නව සංවිධානයක් නිර්මාණය කිරීමට සැරසෙන බව වාර්තා වේ.

මේ වන විටත් එහි මූලික කටයුතු අවසන් කර ඇති අතර නව සංවිධාන ව්‍යුහය සහ එහි ඉදිරි සැලැසුම් පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය
සිකුරාදා බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නට කටයුතු කර තිබේ.

එම විද්වත් එකතුව Political Library ලෙස නම් කර තිබෙන අතර ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ආර්ථික ක්ෂේත්‍රයේ විශේෂඥයන්, නීති විශාරදයන් ඇතුළු පිරිසක් සහභාගී වී ඇති බව ද දැනගන්නට ඇත.

එසේම එම නව සංවිධානය සියලු විෂය ක්ෂේත්‍රයන් හි විද්වතුන්ගේ එකතුවක් ලෙස පුළුල්ව නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

රටේ ජාතික අභිලාෂයන් සහ ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් මඟ පෙන්වීම මෙම නව සංවිධානය පිහිටුවීමේ ප්‍රමුඛ කාර්ය බව ද දැන ගන්නට ඇත.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka