gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදුලි සැර වැදුණු පුතාත් – බේරගන්න ගිය අම්මාත් එක තැන මරු දකී

ලංකාපුර තල්පොත ප්‍රදේශයේදි පෙරවරුවේ විදුලි සැර වැරදිමෙන් ඊයේ  (16) මවක සහ පුතෙකු  මියගොස් ඇතැයි  පුලස්තිගම පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ බෞද්ධාර්තගම අංක 71 බී ලිපිනයේ පදිංචිව සිටි ගයනි දමයන්ති

මෙලෙස මියගොස් ඇත්තේ බෞද්ධාර්තගම අංක 71 බී ලිපිනයේ පදිංචිව
සිටි ගයනි දමයන්ති (මව) සහ ඇගේ පුතු වන හත් හැවිරිදි දහම් නෙත්සර යන අයයි.

මෙම මවගේ දියණිය මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින අතර මව සහ පුතු ශිෂ්‍යත්ව විභාගය සදහා උපකාරක පන්ති පැවැත්වෙන අසල නිවසකට ගොස් සිටියදි මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.

ශිෂ්‍යත්ව උපකාරක පන්තියට සහභාගී වන සිසුන්ට මව්පියන් පිරිසක් විසින් දහවල් ආහාර වේලක් ලබා දිමට සුදානම් කර තිබුණා.

ඊට උපකාර කිරිම සදහා මෙම මව සහ පුතු ගොස් ඇති අතර එම අවස්ථාවේ නිවස ඉදිරිපිට ඇති විදුලි කණුවේ සිට පොලවට ඇදි ආ විදුලි රැහැනක් මෙම දරුවා විසින් ඇල්ලීම නිසා විදුලි සැර වැදී බිම ඇද වැටී තිබුණා.

දරුවා බිම වැටී සිටිනු දුටු  මව දරුවා බේරා ගැනිමට උත්සහ දැරිමේදි මවටද විදුලි සැර වැදි ඇති බවයි පොලිසිය පවසන්නේ.

රැස්ව සිටි පිරිස විසින් දෙදෙනාම රෝහල්ගත කර ඇති අතර ඔවුන් මියගොස් ඇති බව රෝහල විසින් ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධිය පිළිබඳව වැඩිදුර පරික්ෂණ කටයුතු පුලස්තිගම පොලිසිය විසින් සිදු කරනු ලබනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka