gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අගෝස්තු 21ක පූර්ණ සූර්යග්‍රහණයක්

ලබන අගෝස්තු මස 21 වන දින පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.

1955 වසරෙන් පසුව  පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන පළමු අවස්ථාව මෙය වන අතර එය උතුරු ඇමරිකාවට පූර්ණ සූර්යග්‍රහණයක් ලෙසද, බටහිර යුරෝපා රටවලට, ඊසාන දිග ආසියාවට, දකුණු ඇමරිකාවට සහ
අප්‍රිකාවේ වයඹ ප්‍රදේශයට අර්ධ සූර්යග්‍රහණයක් ලෙසද දර්ශනය වෙයි.

සූර්යයා සහ පෘථිවිය අතරට චන්ද්‍රයා පැමිණීම තුළින් පෘථිවියේ අතැම් ප්‍රදේවලට සූර්යාලෝකය නොලැබීයාම සූර්යග්‍රහණයක් ලෙස සලකනු ලබයි.

මීළඟ පූර්ණ සූර්යග්‍රහණය 2019 වසරේ ජූලි දෙවන දින සිදුවන අතර එය දර්ශනය වන්නේ දකුණු ඇමරිකාවට පමණක් බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් 2019 දෙසැම්බර් 26 වන දින වලයාකාර සූර්යග්‍රහණයක් සිදුවන අතර එය ශ්‍රි ලංකාවට හොඳින්ම දර්ශනය වන බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka