gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට 'ටැබ්' ලබන වාරයේ

උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීම හා සෑම පාසල් සිසුවකුටම රුපියල් ලක්ෂ 2 ක රක්ෂණාවරණයක් ලබාදීම ලබන පාසල් වාරය ආරම්භ වන විට සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පසුගිය අයවැය යෝජනාවලියේ කොටසක් වශයෙන් මෙය ක්‍රියාත්මක වෙයි. ගුරුවරුන් 28000කට හා උසස් පෙළ සිසුන්
175000කට මේ ලෙස ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීමට නියමිත අතර එහි නියමු ව්‍යාපෘතිය ලබන පාසල් වාරය ආරම්භ වන විට සිදු කෙරෙයි.

පාසල් විෂය කරුණු ඇතුළත් කර සිසුන් අතට පත් කරන මේ ටැබ් පරිගණක යන්ත්‍ර මඟින් ඩොංගල් භාවිත කර අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට නොහැකි වන අතර, වයිෆයි පහසුකම් ඇති අවස්ථාවන්හිදීද භාවිත කළ හැකි වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්දේශිත වෙබ් අඩවි පමණි. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හරහා අවශ්‍ය පාඩම් හා අධ්‍යාපන වැඩසටහන් බාගත කරගත හැකි පරිදි අධ්‍යාපන නිල වෙබ් අඩවියද නවීකරණය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

මේ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ හා ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පිරිසකගෙන් යුතු කමිටුවක් මඟින් අවශ්‍ය සංශෝධන සිදු කිරීමට නියමිත ය. මේ හා සමගාමිව සියලු පාසල්වලට අන්තර්ජාල පහසුකම් මෙන්ම වයිෆයි පහසුකම්ද ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වන අතර, ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීම දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමටද බලාපොරොත්තු වෙයි. සිසුන්ට ලබාදෙන මේ ටැබ් පරිගණකය නැවත ලබාගැනීමක් සිදු නොකරන අතර, අවසානයේ එය සිසුන්ට තබාගැනීමට හැකි වන බව අමාත්‍යාංශ නිලධාරියෙක් සඳහන් කළේය.

(සුභාෂිණි ජයරත්න)
-දිවයින
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka