ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය සේ සැලැකෙන ‘ක්‍රෑක්’ වලින් පසුව ඉතා විනාශකාරීම මත්ද්‍රව්‍ය සේ සැලැකෙන්නේ ‘හෂීස්’ බව බ්‍රසීලයේ සිට මෙරටට පැමිණි මත්ද්‍රව්‍ය නාශක කටයුතු පිළිබඳ විශේෂඥ කණ්ඩායම් අනාවරණය කර තිබේ.
‘හෂීස්’ ඉතාලියේ මුලදී සංසරණය වූ මත්ද්‍රව්‍යයක් වුව ද මේ වනවිට
මුස්ලිම් ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ඉන්දියාවේ සිට ලංකාවට ගෙනඒම සිදුකරන බවද පැවසේ.
හෙරොයින් පානයෙන් අවුරුදු හය හතක් යන විට ළඟාවෙන විනාශයට වඩා හෂීස්වලට පුරුදු වී දින කිහිපයක් ඇතුළත ජීවිතයට බලපෑම් ඇතිවන බව හෙළි වී ඇත.
මේවා පානය කිරීමෙන් මොළේ සෛලවලින් සියයට පනහක් පමණ විනාශ වන බවද පැවසේ.
මත්පෙති, මත්කුඩු රැල්ලට අමතරව මේ වනවිට ලෝකයේ භයානකම සින්තටික් මත්ද්‍රව්‍ය ද ලංකාවේ ඇති බව ආරක්ෂක අංශ අනාවරණය කර තිබේ.
KG හෙවත් කේරළ ගංජා
ඉන්දියාවේ කේරළයේ සිට පැමිණෙන කේරළ ගංජා මත් ගතියෙන් වැඩි නිසා ඒවා පානය කළ ඇතැමුන් අවසානයේ හෙරොයින් පානයට ඇබ්බැහිව ඇති බවද පැවසේ.
ගංජාවලට මත්වෙන රසායනික ද්‍රව්‍ය යොදවා කේරළ ගංජා නිෂ්පාදනය කෙරෙන බවත් කිලෝවක් රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක පමණ මිලකට ලංකාවේ අලෙවිවන බවද වාර්තා වේ.
කේරළ ගංජා වලට මෙරට වැඩි පිරිස හුරුවීම නිසා මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දේශීය ගංජාවලට ෆෝමලීන් ඇතුළු රසායනික ද්‍රව්‍ය කලවම් කර කේරළ ගංජා ලෙසින් විකිණීමේ ඡාවාරමක තොරතුරුද පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශවලට හෙළිකර ගැනීමට හැකිව තිබේ. දේශීය ගංජා කිලෝවක් විකිණෙන්නේ රුපියල් දසදහසක පමණ මිලකට බවද පැවසේ.
කුෂ්
කුෂ් පානය කිරීමට පෙළඹී සිටින්නේ සල්ලිකාර තරුණ තරුණියන් බව පැවසේ. කුෂ් කිලෝවක් රුපියල් ලක්ෂ විසිපහක් වැනි මිලකට විකිණෙන බව පැවසෙන අතර එය හරිතාගාරවල වීදුරු පෙට්ටි තුළ පැළ කරන හයිබ්‍රිඩ් වර්ගයේ ගංජා ශාකයකින් නිපදවන බව බ්‍රසීල මත්ද්‍රව්‍ය නාශක විශේෂඥයෝ කියති.
එම ගංජා පැළයක් පෝෂණය වන යන්ත්‍රයක මිලම රුපියල් ලක්ෂ පහක් හයක් පමණ වන බවද පැවසේ.
සින්තටික් මත්ද්‍රව්‍ය
ඊට අමතරව සින්තටික් මත්ද්‍රව්‍යවලින් සැකසෙන දිවේ අලවන එල්.එස්.ඩී. මුද්දර ලංකාවේ ඇතැයි වාර්තා වේ.
රුපියල් අසූදහසක් පමණ වන එම ස්ටිකර් කාඩ්පතක ස්ටිකර් විස්සක් ඇතැයි පැවසේ.
නීතියේ හිල්
රටේ පවත්නා නීතිය අනුව ගංජා, කේරළ ගංජා, කුෂ් කියන කුමන ඒවා අත්අඩංගුවට ගත්ත ද ඒවාට ගසන්නේද ගංජාවලට ඇති දඩයම බවද පවසේ.
අනෙක් මත්පෙති ඇතුළු විනාශකාරී මත්ද්‍රව්‍යවලටත් මාධක මනෝවර්ධක පනත යටතෙ නඩු දැමීමේ දී ජාවාරම්කරුවන්ට ඇප ලබා යෑමේ අවකාශ ලැබීමත් මත්ද්‍රව්‍ය පිටු දැකීමට ඇති විශාල ගැටලුවක් බව නීති ප්‍රවීනයෝ පෙන්වා දෙති.
- රිවිර
ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය දැන් ලංකාවේ !
2017-08-14T08:50:00+05:30
Gossip Lanka Hot News