gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆොන් එකට රුපියල් සියයක්‌ දැම්මාම රුපියල් 48ක්‌ ආණ්‌ඩුව ගන්නවා

රනිල් කියන්නෙ අවුරුදු 40 කටම බොරු නොකියපු කෙනෙක්‌ විදිහට තමයි ප්‍රසිද්ධ වෙලා හිටියෙ ඒත් මේ වොක්‌ස්‌ වැගන් කථාවෙන් රනිල් කියන්නෙ අමූලික බොරු කියන කෙනෙක්‌ බවට හංවඩු ගහගත්තා. ඒ වගේමයි මහබැංකු බැ`දුම්කර කථාවෙන් අවුරුදු 40ටම නැති හොර නාමෙකුත් ගාගත්තා..........

පොදුජන පෙරමුණේ ආසන බලමණ්‌ඩල සාමාජික බලමුළුගැන්වීම
වෙනුවෙන් කුලියාපිටිය නගර ශාලාවේ පැවති උත්සවයකට සහභාගි වෙමින් කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා ඒ බැව් පැවසීය.

එහිදී ඒ මහතා මෙසේද කීය.

එA අයට රට දියුණු කරන්න බැරි මහින්ද ගත්තා කියන ණය නිසාලු. නමුත් මහින්ද ණය අරගෙන ණය ගෙවලා මහා මාර්ග පද්ධතිය නවීකරණය කරලා ලක්‍ෂ ගණනින් රැකියා අවස්‌ථා දීලා විතරක්‌ නෙවෙයි සහල් රුපියල් 55ටත් දුන්නා. අද එහෙම කිසිම සංවර්ධනයත් නැතිව රුපියල් සියය ඉක්‌මවා ගිහින්.

සංවර්ධනය කොළඹට සීමා කළෙත් නැහැ. කොළඹ නෝනාවාට්‌ටු මහින්ද සමයේ ගමට ගෙනාවා සැප පහසුකම් එක්‌ක. නෝනාවාට්‌ටු විතරක්‌ නෙවෙයි නෝනගෙ පුටුවත් දැන් ගමේ තියනවා.

රට සංවර්ධනය කරනවා තියා නිසි ආර්ථික ප්‍රතිපත්තියක්‌ නැති මේ ආණ්‌ඩුව දැන් පන්සල් ගානෙ පිංකැට හොයාගෙන යනවා. කුලියාපිටිය පැත්තෙ කෙනෙක්‌ තමයිඒකෙ පුරෝගාමියා.

එක්‌දහස්‌ ගණනක්‌ රටේ උද්ඝෝෂණ. ඒවා ගැන ගණනකටවත් නොගන්නා ආණ්‌ඩුව කියනවා ඒක තමයිලු ප්‍රජාතන්ත්‍රවාදය. පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක්‌ තමයි ඒක. මේ ආණ්‌ඩුව ආරම්භ කළේම මහා සංඝරත්නය හිරේ දාලා. ලෝකෙ දරුණුම ත්‍රස්‌තයන් මර්දනය කරපු හමුදාව ජනාධිපතිsවරයාට ලිපියක්‌ භාර දෙන්න ගියාම ඇස්‌ අන්ධවෙන්නම ගහපු ප්‍රජාතන්ත්‍රවාදයක්‌ තමයි මේ අයට තියෙන්නෙ.

රාජපක්‍ෂ ආණ්‌ඩුවෙන් ගත්ත ණය නිසා නෙවෙයි ආණ්‌ඩුවෙ ආර්ථිකය වැටුනෙ ආණ්‌ඩුව ආරම්භ කරපු පළමු දින 60 තුළදී කරපු අහස පොළව නුහුලන මහබැංකු හොරකම නිසා. ඒක නිසා තමයි මිනිස්‌සු අනාථ වෙලා ඉන්නෙ. හොරා හොරා කිව්වා මහලොකුවට රාජපක්‍ෂ මහත්තයාට. ජනාධිපති කොමිසමෙන් රවී කරුණානායක මාස තුනක්‌ ඇතුළත හොරෙක්‌ කියලා ඔප්පු කරන්න පුළුවන් වුණා නම් කෝ ඉතින් රාජපක්‍ෂල හොරු කරන්න දැන් වසර දෙකකට ආසන්න වෙලත් බැරිවෙලා තියනවානෙ. ඒකයි කියන්නෙ කවදාවත් බොරු රජවෙන්නෙ නැහැයි කියලා.

ජනතාවට සහන පිට සහන දෙනවා කියලයි මේ ආණ්‌ඩුව බලයට පත්වුණේ.ඒත් අඩුකළේ කුඩු විතරයි. අද කුඩු ගන්න පුළුවන් සතොසෙන්. කන්ටේනර් ගණනින් ඒවට කුඩු ලැබෙන්නෙ. අපිට ආරංචියි පළමු කුඩු තොගය අල්ලපු පොලිස්‌ විශේෂකාර්ය බළකායේ ස්‌ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට ස්‌ථාන මාරු දුන්නා කියලා. මෛත්‍රී මහත්තයා කිව්වෙ උසස්‌වීම් දෙනවා කියලා ඔන්න ඇවිත් තියනවා ස්‌ථානමාරු.

කොල්ලො කෙල්ලන්ට රැකියා දසලක්‍ෂයක්‌ දෙනවා කිව්වා. ලැබුණද නැද්ද කියලා තමුන්නාන්සේලාම දන්නවා. වොක්‌ස්‌ වැගන් එකේ රස්‌සා බලන්හිටපු කුලියාපිටිය එක්‌සත් ජාතික පක්‍ෂ යොවුන් පෙරමුණේ සභාපති චින්තක ප්‍රසන්න මහත්තයත් මෙන්න පිරිසක්‌ එක්‌ක අද මේ වේදිකාවෙ ඉන්නවා. අනිත් අය බලං හිටියා µ්‍රS වයි µයි ගන්න. කොහෙ ගන්නද හරීන් මහත්තයා අරින අරින බැලුමෙ හුලං යනවා. දැන් බලන්නකො පෝන් එකට රුපියල් සියයක්‌ දැම්මම 48ක්‌ ආණ්‌ඩුව ගන්නවා.

කුලියාපිටිය පොදුජන පෙරමුණ ප්‍රධාන සංවිධායක ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතාද මෙහිදී අදහස්‌ දක්‌වමින් කියා සිටියේ තමන් සමසමාජ පක්‍ෂයේ බැව් හුවාදක්‌aවන්නට කවුරුන් කටයුතු කළත් එය තමන් ගණනකට හෝ නොගන්නා බවත් මේ වනවිට පක්‍ෂයක්‌ වටා ඒකරාශී වනවා වෙනුවට සිදුවන්නේ මහින්ද කියන නාමය වටා එක්‌රොක්‌වීමක්‌ බවත් කිසිදු බලවේගයකට වඩා එය දැඩි සේ බලවත් බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ, මංජුල පොල්ගම්පොල යන මහත්වරුන්ද පළාත් සභා මන්ත්‍රීන් පිරිසක්‌ හා ප්‍රාදේශීය දේශපාලනඥයන්ද මහා සංඝරත්නය පෙරටු කරගනිමින් ඊට සහභාගීවූ අතර පක්‍ෂ සාමාජිකත්ව අපේක්‍ෂාවෙන් විශාල ජනතාවක්‌ද සහභාගීවී සිටියහ.

-දිවයින
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka