gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උසේන් බෝල්ට්ගේ අවසන් සිහිනය බොඳ වෙයි

ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම මළල ක්‍රීඩකයා ලෙස සැලකෙන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් සිය අවසන් ජාත්‍යන්තර තරගයේදී ඇද වැටී පිටියෙන් ඉවත් කිරීමට සිදුවුණා.

ලන්ඩනයේ පැවැත්වෙන ලෝක මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර්
100 සහය දිවීමේ ඉසව්වේ අවසන් තරගය ඊයේ (12) පැවති අතර, ඒ සදහා ජැමෙයිකාව ද සුදුසුකම් ලබා සිටියා.

එහෙත්, සිය අවසන් ජාත්‍යන්තර මළල ක්‍රීඩා ඉසව්වට සහභාගි වූ උසේන් බෝල්ට් මීටර් 60 ක් පමණ ධාවනයේ යෙදී සිටියදී පාදයේ ආබාධයකට ලක්වී ඉවත් වූ අතර, ඔහු පිටියෙන් ඉවතට ගොස් ඇත්තේ රෝද පුටුවකින්.

උසේන් බෝල්ට් පිට පිට ඔලිම්පික් උළෙල තුනකදී මීටර් 100, 200 සහ මීටර් 100 සහය දිවීමේ රන් පදක්කම් ජයග්‍රහණය කළ ලොව එකම මළල ක්‍රීඩකයායි.

ලන්ඩන් ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියෙන් පසු පිටියෙන් සමුගන්නා බව බෝල්ට් ප්‍රකාශ කළ අතර එහි මීටර් 100 තරගයේ දී ද ඔහුට හිමිවූයේ ලෝකඩ පදක්කමක් පමණයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka