බිරිඳ දරු ප්‍රසුතියට රෝහල් ගත වී සිටියදී බිරිඳගේ 20 හැවිරිදි අක්කාව බලන්ගොඩ ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකට ගෙනගොස් දූෂණය කළ 31 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ණය මුදලක් ඉල්ලා තිබූ අතර එම මුදල තම මිතුරෙකුගෙන් ඉල්ලා ලබා දීමට හැකි බව කියා ඇති නංගිගේ සැමියා ඒවා ලබා ගැනීමට තමන්
රැකියාව කරන නිවාඩු නිකේතනයට පැමිණෙන ලෙස තම බිරිඳගේ අක්කාට දන්වා ඇයව එහි ගෙන්වාගෙන තිබේ.
එහි ගිය අවස්ථාවේදී එම තරුණයා තම බිරිඳගේ අක්කාව දූෂණය කර ඇති බවත් ඒ සම්බන්ධ වීඩියෝවක් තමන් සතුව ඇති බවත් ඔහු පවසා තිබේ.
එහෙත් 20 හැවිරිදි තරුණිය, තම නංගිගේ සැමියා තමාව මෙසේ දුෂණය කළ බව බලන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇති අතර පසුව සැකකරු අත්අඩංගුවට ගැනුනා.
31 වන දා වූ මෙම සිද්ධියට අත්අඩංගුවට ගත සැකකරු අගෝස්තු 10 දක්වා රිමාන්ඩ් කළ අතර දූෂණය වූ 20 හැවිරිදි තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබේ.
බිරිඳ රෝහලේ සිටියදී බිරිඳගේ අක්කා දූෂණය කල අයෙක් අත්අඩංගුවට
2017-08-02T13:38:00+05:30
Gossip Lanka Hot News