රේඛීය අමාත්‍යංශයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පළාත් සභාවල සිදුකෙරෙන කඹ ඇදීම නිසා ගුරු පුරප්පාඩු පිරවීම සම්පූර්ණයෙන්ම නතරවී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටී.
පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා, 6-11 ශ්‍රේණි සඳහා අපොස උසස්පෙළ සමත් සහ ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමට 2016 වර්ෂයේ
මාර්තු 03 වැනි දින කැබිනට් අනුමැතිය හිමිවූණි. ඒ සමගම එම බඳවා ගැනීම් සිදුකිරීමට රේඛීය අමාත්‍යංශය අදාළ කටයුතු සූදානම් කළේය.
ඒ අනුව 6-11 ශ්‍රේණිවල ගුරු පුරප්පාඩු පිළිබද විස්තර ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටියේය.
එම විස්තර අධ්‍යාපන අමාත්‍යාංශය වෙත උතුරු මැද පළාත හැර සෙසු පළාත් සභා විසින් දන්වා යවා තිබුණි.
නැවත 2017 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පළාත් සභාවලින් ගුරුවරුන් බඳවා ගැනීම සඳහා අනුමැතිය ඉල්ලා ඇති අතර එහිදී එයට එකඟතාව ලබා දී ඇත්තේ මධ්‍යම පළාත පමණි.
පළාත් දේශපාලන බල අධිකාරියේ සහ පළාත් රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලබා නොදෙමින් සිදුවන මෙම ක්‍රියාකලාපය නිසා සිවයින පුරා ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇත.
කෙසේවෙතත් මේ තත්වය නිසා ලංකාව පුරා පාසැල්වල දැඩි අර්බුධයක් මතුව තිබේ.
(රිවිර)
රට පුරා ගුරු පුරප්පාඩු පිරවීම අවුල් ජාලාවක්
2017-08-02T13:30:00+05:30
Gossip Lanka Hot News