ඒ අනුව අද උදේ 10.00 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි කරුණානායක මහතාට දන්වන ලෙස කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා රවි කරුණානායක මහතා
වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතාට ඉකුත් ජුලි 26 දා දැනුම් දුන්නේය.
මීට පෙර දෙවතාවක්‌ම රවී කරුණානායක මහතා කොමිසම හමුවට කැඳවා තිබුණත් ජුලි 25 දා කැබිනට් රැස්‌වීමට සහභාගි වීමට ඇති නිසාත්, 26 වැනිදා ආරක්‍ෂක මණ්‌ඩල රැස්‌වීමට සහභාගි වීමට ඇති නිසාත් කොමිසමට පැමිණීමට නොහැකි බව රවි කරුණානායක මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි නීතිඥවරු දැනුම් දුන්හ.
අද රවී කරුණානායක මහතාට කොමිසමට පැමිණීමට හැකි බව ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා විසින් දැන්වූ අතර ඊට කොමිසමේ අවසරය ලැබිණි.
ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.
