gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ග්‍රෑන්ඩ්පාස්‌ පවුලක් එකතු වී කළ ලක්ෂ ගණනක සොරකමක් හෙළිවෙයි

පවුලේ පියා තම බිරිඳ දුව සහ පුතා ඇතුළු පවුලේ සාමාජිකයන් සමඟ එක්‌වී දිවයින පුරා ඇති රන් අබරණ වෙළෙඳසල්වලින් රුපියල් ලක්‍ෂ ගණනාවක්‌ වටිනා රන් අබරණ සොරකම්කර විකිණීමේ සංවිධානාත්මක ජාවාරමක්‌ නිරත පිරිසක්‌ කොටු කර ගැනීමට කොච්චිකඩේ පොලිසියේ
අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක මහින්ද ගුණසේන මහතා ඇතුළු එම ඒකකයේ නිලධාරීහු පෙරේදා (31) දා සමත් වුණා.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ ඔවුන් විසින් කොච්චිකඩේ රන්අබරණ අලෙවි හලකින් (31 දා) සොරාගත් රුපියල් ලක්‍ෂ අටකට වඩා වටිනා රන්අබරණ තම නිවස තුළ සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.

මෙම සංවිධානාත්මක ජාවාරම සම්බන්ධයෙන් සැකපිට සොරාගත් රන් අබරණ සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ – 14 ග්‍රෑන්ඩ්පාස්‌ ඩිමෙල්වත්තේ අංක 132/294 හි පදිංචි මොහොමඩ් මසිඩ් මොහොමඩ් රසාක්‌ (56) පියා, මොහොමඩ් පාරුක්‌ පාතිමා ෂර්මිලා (34) මව, අබ්දුල් කරීම් කලෙමන්ට්‌ සහෝදරයා (30) සහ එම පවුලේ බාල දියණිය වන මොහොමඩ් රසාක්‌ පාතිමා සේයිනා (14)  යන අය බවයි පොලිසිය පවසන්නේ.

කොච්චිකඩේ විශාල රන් අබරණ හලකින් රුපියල් ලක්‍ෂ 8 කට වඩා වටිනා රන්අබරණ තොගයක්‌ (31 දා) අතුරුදන්ව ඇති බවට කොච්චිකඩේ පොලිසියට පැමිණිලි ලැබීමත් සමඟ පොලිසිය විමර්ශන ආරම්භ කර මේ පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රන් අබරණ අලෙවිහලේ සහ අවට වෙළෙඳසල්වල සවිකර තිබූ සී. සී. ටී. වී. ආරක්‍ෂිත කැමරා පරීක්‍ෂා කිරීමේදී අයෙකු දිවවිත් ත්‍රිරෝද රථයකින් පළායන දර්ශන හමුවී තිබෙනවා.

එහිදී එම ත්‍රිරෝද රථයේ අංකය සොයාගෙන පරීක්‍ෂා කිරීමේදී කොළඹ 14 ඩිමෙලවත්තේ පදිංචි සැකකරුවන් පිරිස සහ ඔවුන් විසින් සොරකමට යොදාගත් ත්‍රිරෝද රථය හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

තවදුරටත් එම නිවස පරික්‍ෂා කිරීමේ දී කොච්චිකඩේ රන් අබරණ හලෙන් සොරාගත් රුපියල් ලක්‍ෂ 8 කට අධික වටිනා රන් අබරණ සහිත පෙට්‌ටිය සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් හඳුනාගැනීමේ  පෙරෙට්‌ටුව අගෝස්‌තු මස 6 වෙනි දින පැවැත්වීමට නියමිතයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka