gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිංගගේ නොදැක්ක දෙයක් ගැන චම්පික ඉන්දියාවේ පත්තරේකට කියලා

චම්පක රාමනායක කියන්නේ ලංකාවේ හිටපු වේග පන්දු පුහුණුකරු. දන්නවනේ ඔහු මෑතකදී එම තනතුරෙන් ඉල්ලා අස්වුණා කියලා. නමුත් චම්පක රාමනායක ලංකාවේ වෙනුවෙන් කළ මෙහෙවර සුළු පටු නැහැ.

Hindustan Times පුවත්පත සමඟ පැවැත්වූ සාකච්ජාවකදී චම්පක
රාමනායක ලසිත් මාලිංග ගැන අපි නොදන්නා කතා කිහිපයක් කියනවා.

චම්පක රාමනායක –

“අපේ රටේ දක්ෂ ක්‍රීඩකයන් ගොඩක් හිටියේ ගමේ. හරියට ලසිත් මාලිංග සහ අජන්ත මෙන්ඩිස් වගේ. අපේ ක්‍රිකට් ඉතිහාසයේ මේ වගේ කතා ගොඩක් තියෙනවා. අපිට ඉන්නවා උපතින්ම හැකියාව තියෙන දක්ෂ ක්‍රීඩකයෝ.”

ඔහු මෙහිදී නුවන් ප්‍රදීප් ගැනත් මෙහෙම කිව්වා.

” ඔහුව සොයාගැනීම ජීවිතේට ලැබුණු ලොකු ආත්ම තෘප්තියක්. වයස අවුරුදු 20ක් වෙනකන් ඔහු ලෙදර් බෝලෙන් සෙල්ලම් කරලා තිබුණේ නැහැ. 2007 දි කොළඹ තිබුණු දක්ෂයන් තේරීමේ තරගයකදී තමා මට ඔහුව හමුවන්නේ. ඔහු එදා යැවූ පළමු පන්දුවම පැයට කිලෝමීටර් 139ක වේගයකින් දැම්මා. මම ඔහුව එතැනින් වහාම ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ විද්‍යායතනය දැම්මා.”

මාලිංග ගැන කිව්වේ මෙහෙම දෙයක්.

“මම මාලිංගව පළමුවතාවට දැක්කේ 1998 දි. එකත් දක්ෂයන් තෝරන ඇකඩමි එකක්. මාලිංග මට එදා දාපු පළවෙනි පන්දුව කොහෙන් ආවද කියලා මම දැක්කේ නැහැ මොකද ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිසා. මම ඔහුට කිව්වා ඒ වෙලාවේම Galle Cricket Club ඒකට සෙල්ලම් කරමු නේද කියලා. මම හිතුවා එදා ඔහුගේ පන්දු යැවීමේ ඉරිව්ව නිසා පිතිකරුවන්ට ලේසියෙන්ම ඔහුට පහරදෙන්න අවස්ථාවක් නැති වෙයි කියලා. මාලිංග සහ කුලේ ගොඩක් කාලයක් මා යටතේ Galle Cricket Club එකේ සෙල්ලම් කළා.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka