gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකන් ගුවන් සේවය ජපානයට..!

ජපානයේ විශාලතම ගුවන් සමගාම වන ඕල් නිපෝන් එයාර්ලයින්ස් (All Nippon Airlines – ANA) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන්සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනුවෙන් ආයෝජනය කිරීමට ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ.

වසර කිහිපයක සිට පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන්සේවයේ මෙහෙයුම්
කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා පසුගියදා කැබිනට් අනුමැතියද ලැබුණි.

ඒ අනුව රජය සතුව සමාගමේ කොටස් 51% තබාගෙන යමින් 49%ක කොටස් පෞද්ගලික ආයෝජකයකු වෙත පැවරීමට යෝජනා කෙරිණ. මෙම තත්වය යටතේ ජපාන සමාගම් කිහිපයක් ඇතුළු විදෙස් ආයෝජකයෝ සැලකිය යුතු පිරිසක් ආයෝජනය කිරීමට ඉදිරිපත් වූහ. එම ආයෝජකයන් අතුරින් අවසානයේ මෙලෙස ඕල් නිපෝන් එයාර්ලයින්ස් (All Nippon Airlines – ANA) ආයතනය විසින් ශ්‍රීලංකන් ගුවන්සේවයේ 49%ක කොටස් වෙනුවෙන් ආයෝජනය කිරීමට සලකා බැලිය හැකි මට්ටමේ යෝජනාවක් රජය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka