gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලක්ෂ 23ක ගබ්සා පෙති කටුනායකදී අල්ලපු හැටි මෙන්න

රුපියල් ලක්ෂ 23 ක් වටිනා නීතිවිරෝධී ගබ්සා පෙති 16,930 ක් රැගෙන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් සිට කටුනායකට පැමිණිඉන්දියානු ජාතිකයෙකු (32) රේගු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

මෙලෙසින් රේගු අත්අඩංගුවට පත් සැකකාර ඉන්දියානු ජාතිකයා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ භාණ්ඩ කිසිවක් ප්‍රකාශ කිරීමට
නොමැති ගුවන් මගීන් පිටතට යන මංතීරුව(ග්‍රීන් චැනල්) හරහා ගුවන්තොටුපොළින් පිටවීමට උත්සහා දැරූ අවස්ථාවේදී ඒ පිළිබඳ රේගු නිලධාරීන්ට ලද සැකය මත ගමන්මල්ල පරීක්ෂා කිරීමේදී ගබ්සා පෙති විශාල තොගයක් සොයාගැනීමට හැකි වූ බව ගුවන්තොටුපොළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා කීවේය.

කොළඔ කොටුව සහ මරදාන ප්‍රදේශයේ පිහිටා ඇති තෝරාගත් පුද්ගලික ඔසුසැල් (ෆාමසි) හරහා අධික මිල ගණන් යටතේ මෙම ගබ්සා පෙති තොගය කඩිනමින් අලෙවි කර මෙරටින් පිටවීමට සැකකරු සැලසුම් කර තිබූබව කරන ලද පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බවත්, අදාළ සැකකරුට රුපියල් ලක්ෂයක් දඩ නියම කර ගබ්සා පෙති තොගය රාජසන්තක කළ බව රේගුව පවසයි.

රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ චින්තක කුලරත්න මහතා විසින් සිදු කෙරිණි. සහකාර රේගු අධිකාරීවරුන් වන තුෂිත ධනපාල,චරිත් පෙරේරා,ගයාන් රාජරත්න ඇතුළු පිරිසක් මෙම වැටලීම සිදු කළහ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka