gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වව්නියාවේ කොටි අත්පත්‍රිකාවක් බෙදලා

එල්. ටී.ටී.ඊ. සංවිධානයේ බුද්ධි අංශය නමින් ඊයේ(29) රාත්‍රියේ වවුනියාව නගරයේ පෝස්ටර බෙදා හැරීමක් සිදුකොට ඇති බව වවුනියාව ආරක්ෂක අංශ පවසති.

වවුනියාව කුරුමන්කාඩුව ප්‍රදේශයේ දෙමළ විමුක්ති කොටි නමින් වන ශිර්ෂය යටතේ අත් පත්‍රිකාව බෙදා හැර ඇති අතර, එල්. ටී.ටී.ඊ.
සංවිධානයේ බුද්ධි අංශ දෙමළ කාන්තාවන් වැරදි සිදුකරන්නේද යන්න නිරීක්ෂණය කරමින් සිටින බව අත් පත්‍රිකාවේ සදහන්ව ඇත.

දෙමළ කාන්තාවන් සිංහල පුරුෂයන් සමග නොයා යුතු බවත්, සංවරව හැසිරිය යුතු බවත් එසේ නොවන්නේ නම් එල්. ටී.ටී.ඊ. බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බව ත් පත්‍රිකාවේ සදහන් කොට ඇති බව ආරක්ෂක අංශ පැවසීය.

බුද්ධි අංශය, දෙමළ විමුක්ති කොටි සංවිධානය යනුවෙන් ද අත්පත්‍රිකාවේ අවසානයේ සදහන් කොට ඇති බවද ආරක්ෂක අංශ පවසති.

සොයාගත් අත් පත්‍රිකා වවුනියාව පොලිසිය වෙත භාරදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව ආරක්ෂක අංශ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka