gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාර්සල් බෝම්බයක් රේඩියෝවෙන් එවයි – සිසුවෙකුට බරපතලයි

මාලබේ පිට්ටුගල ප‍්‍රදේශයේ නිවසක් ඉදිරිපිට තිබී අහුලා ගත් බව කියන ගුවන් විදුලි යන්ත‍්‍රයක් නිවසට රැගෙන ගොස් විදුලියට සම්බන්ධ කිරීමේදී එය පුපුරා යාමෙන් තුවාල ලැබූ 13 හැවිරිදි දරුවකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.

බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන තුවාල ලැබූ දරුවා
පාසල් නිවාඩුව ගත කිරීම සදහා සිය මිත්තණියගේ මාලබේ පිට්ටුගල ප‍්‍රදේශයේ නිවසට පැමිණ සිටි අතරතුර පිට්ටුගල ප‍්‍රදේශයේ වායු සමීකරණ යන්ත‍්‍ර අලුත්වැඩියා කරනු ලබන ආයතනයක් ඉදිරිපිට වැටී තිබූ හොඳින් ඇසුරුම් කර තිබූ මෙම ගුවන් විදුලි යන්ත‍්‍රය අහුලා නිවසට ගෙනැවිත් එය ක්‍රියාත්මක දැයි බැලීමට නිවසේ විදුලි පද්ධතියට සවි කිරීමට යාමේදී පුපුරා ගොස් ඇති බව සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය කියයි.

අනතුරින් දරුවාගේ අත් දෙක, පපුව සහ පාද ප‍්‍රදේශය පිළිස්සී ගොස් ඇති බවත් පුපුරා යාම සිදු වූ කාමරයේ මේසය සහ අවට ප‍්‍රදේශයට විශාල ලෙස හානි සිදු වී ඇති බවත් පොලිසිය පවසයි.

මෙය පුපුරා ගොස් ඇති ආකාරය අනුව විදුලි සම්බන්ධතාව ලබා දෙන විටම පුපුරා යන ආකාරයේ සහ එහි ඇතුළත යකඩ තහඩු තබා සාදා ඇති ආකාරයක් පෙන්නුම් කරන බැවින්ද එය ගුවන් විදුලි යන්ත‍්‍රයක් ලෙස සකස් කළ කුඩා බෝම්බයක් බව පෙනී යන බැවින්ද ඒ පිළිබදව රජයේ රස පරීක්ෂකවරයා කැඳවා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද අතුරුගිරිය පොලිසිය සඳහන් කරයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka