සංචාරක ඉන්දීය පිල හා ශ‍්‍රී ලංකා පිල අතර කොළඹදී පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉන්දීය පිලට ඉනිමක හා ලකුණු 53ක දැවැන්ත ජයක් අත්විය.
තරගයේ මුල් ඉනිමේ ඉන්දීය පිල කඩුළු 09ක් දැවී ලබා ගත් ලකුණු 622කට පිලිතුරු ලෙස ශ‍්‍රී ලංකා පිල මුල් ඉනිමේ සියල්ලන් දැවී ලකුණු 183ක් හා දෙවැනි ඉනිමේ සියල්ලන් දැවී ලකුණු 386ක් ලබා ගත් අතර තරගය තවත් දිනක් ඉතිරිව තිබියදී මෙම දැවැන්ත පරාජය ලැබීය.
ශ‍්‍රී ලංකාව තවත් දැවැන්ත පරාජයක් ලබයි
2017-08-06T15:49:00+05:30
Gossip Lanka Hot News








