gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දෙවෙනි ඉනිමේදී ලංකාවේ වෙච්ච වෙනස ගැන නිරෝෂන් දික්වැල්ල හෙළිකරයි

‘ස්වීප්’ පහර මෙන්ම ‘රිවර්ස් ස්වීප්’ පහර පිතිකරුවන්ගේ ලොකුම ආයුධය වී තිබේ. දඟ පන්දු යවන්නන්ට උපකාරීවන තණතීරු මතදී ‘ස්විප්’ පහර මෙන්ම ‘රිවර්ස් ස්වීප්’ පහරින් පිතිකරුවන් විශාල වශයෙන් ලකුණු ලබාගත්තත් ඒ පහර නිසාම කඩුල්ල අහිමි කරගන්නා අවස්ථාද බොහොමයක් තිබේ. එහෙත් දැන් දැන් පුහුණුකරුවෝ පවා මෙම පහර ගැසීමට පිතිකරුවන් උනන්දු කරවති.
“මම ස්වීප් පහර වගේම ‘රිවර්ස් ස්වීප්’ පහරත් වැඩි වශයෙන් යොදාගන්නවා. මට ඒක ගහලා පුරුදුයි” යයි නිරෝෂන් දික්වැල්ල කියයි.

පළමු ඉනිමේදී ලකුණු 183 කට දැවී ගිය ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මුල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 51 ක් ලබාගත් දික්වැල්ල කොළඹ එස්.එස්.සී. ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන ඊයේ  (5 වැනිදා) සවස ක්‍රීඩාව නතර කිරීමෙන් අනතුරුව කියා සිටියේය. දික්වැල්ල එසේ කීවද අද පෙරවරුවේදී බිඳ වැටුණු පළමු ශ්‍රී ලංකා කඩුල්ල වූ නායක දිනේෂ් චන්දිමාල් දැවී ගියේද ස්විප් පහරකිනි. එවන් තත්ත්වයක් තිබියදීත් තවදුරටත් ස්වීප් පහර කරා යාමට නිර්භීත විය යුතුව තිබේ.

“මම විශ්වාසය තියන්නේ මගේ හැකියාවන් පිළිබඳවයි. ඇරත් පන්දුව දඟ කැවෙන තණතීරුවකදී හොඳම විකල්පයත් මේ පහරයි. මගේ පහරවල් වලින් 80% කදී විතර මම ස්වීප් පහර යොදාගත්තා. අනෙක අපි අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ. පවතින තත්ත්වය අනුව ඉක්මනින් ඒවාට හැඩගැහෙන්න අපිට පුළුවන් වෙන්න ඕනෑ”

“අපි ස්වීප් පහර මෙන්ම රිවර්ස් ස්වීප් පහරත් ගැසීමට වැඩි වැඩියෙන් පුහුණු වෙනවා. හෂාන් තිලකරත්න (ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු) වගේම අනෙක් පුහුණුකරුවෝත් මේ පහර ගැසීමට අපව දිරිමත් කරනවා. ස්වීප් පහරත් එක්ක අපි වඩාත් දියුණු තත්ත්වයකට පැමිණ සිටිනවා” ඇතැයිද පැවසීය.

ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු ඉනිමේදී තමන්ගේ කාරිය හරියට නොකළ බවත් දික්වැල්ල කියයි.
“මුල් ඉනිමේදී අපි හරියට ක්‍රීඩා කළේ නෑ. අපි තරමක් තැන්පත් විය යුතුව තිබුණත් අපි ඒ දේ කළේ නෑ….ඒ නිසාම අපි දෙවැනි ඉනිම පටන්ගන්න ඉස්සරවෙලා ඒ ගැන සැලැස්මක් හැදුවා. ඒ සැලැස්මේ මූලිකාංග වුණේ දඟ පන්දුවට මුහුණ දීම වගේම පීඩනය හසුරුවා ගැනීමයි.”

“දිවා ආහාර විවේකයේදී ඒක ටිකක් දිග සාකච්ඡාවක් වුණත් අපි ඒ සැලසුම් නියමිත ආකාරයට ක්‍රියාවට නැංවූවා” යයි කී දික්වැල්ලගේ අපේක්‍ෂාව වන්නේ හෙට දිනයේ පන්දුවට පහර නොදී සිටීමයි. ඒ දෙවැනි ඉනිමේදී ලකුණු 550 ක් පමණ ලබාගනිමිනි.

“මම තවම ඇවිත් තියෙන්නේ කෙටි ගමනක්. මේක මගේ 9 වැනි ටෙස්ට් තරගය”
“මම තවත් දියුණු වෙන්න ඕනෑ. මා ලකුණු රැස්කරලා තියෙනවා තමයි. ඒත් ඒක හොඳටම මදි…..කණ්ඩායම අමාරුවේ වැටුණාම ‘හරි අවශ්‍ය ලකුණු ටික මම ගහලා දෙන්නම් කියලා’ මම අත උස්සලා කියන්න ඕන” යයි කී දික්වැල්ල…..“අවස්ථාව ලැබුණාම ප්‍රයෝජන ගන්න මම දැගනන්න ඕනා” යයිද කීවේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka