"මාව දාන්න කියන්න හිරේට මම ඒවාට බය නැහැ"
"මම මේ මුලු පොලිසියෙන්ම පළිගන්නවා"
මත් පැන් පානය කර වෑන් රථයක් ධාවනය කරමින් සිටි රියදුරු පාසලක සේවිකාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිළියන්දල බෝකුන්දර හංදියේදී සැකකාරිය ඊයේ (05) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.
මාර්ගය අවහිර වන ආකාරයෙන් වෑන් රථය නතර කර තිබීම සම්බන්ධයෙන් ඇතිවු සැකයක් මත පොලිසිය කළ පරීක්ෂාවේදී කාන්තාව බීමත්ව සිටින බවට සැක මතුවී තිබෙනවා.
අනතුරුව ඇය පිළියන්දල රෝහලට ඉදිරිපත් කර සිදු කළ පරීක්ෂාවේදීයි බීමත්ව සිටින බවට තහවුරු වී ඇත්තේ.
34 හැවිරිදි සැකකාරිය තවත් පුද්ගලයකු සමග සාදයකට ගොස් පැමිණෙමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්වී තිබෙනවා.
ඇය පොලිස් ඇප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ .
පාටියකට ගිහින් මත්වෙලා වෑන් එකක් එළවපු අක්ක කෙනෙක් පොලීසියේදී සද්දෙ දැම්ම හැටි - (video)
2017-08-06T13:47:00+05:30
Gossip Lanka Hot News








