gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තවත් රණවිරුවෙක් හිඟමනට වැටිලා ?

දරුපවුල ජිවත් කරන්නට සිඟමනේ යන අසනීප තත්වයකින් ද පෙලෙන හිටපු හමුදා සෙබළකු පසුගියදා දඹුල්ලේදී දැකගත හැකිවිය.

නමින් ඒ.ඒ. ධනංජය බුද්ධික අමරසිංහ වන ඔහු එය සනාථ කිරීමට ඡාතික හැඳුනුම්පත ද පෙන්වා සිටී.












ඔහු මෙසේ සිඟමන් යදින්නේ යුද හමුදා විසිරයාමේ ඡායාරූපයක් හා යුදහමුදා ලියකියවිලි කිහිපයක් ද පෙන්වමිණි.

එම විසිරයාමේ ඡායාරූපයේ ශ්‍රී ලංකා යුධ හමුදා ස්වෙච්ඡා බලසේනාව ආයුනික පුහුණු පාසල 3 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව ලෙස දැක්වේ.











එක දරු පියෙක් බවද පවසන ඔහු අංක 21 යාය 04 මහසෙන්පුර ගිරිතලේ යන ලිපිනයේ පදිංචිව සිටින බවද කියා සිටී.

මොහු කියා සිටින්නේ යුද්දයේ අවසන් අවස්තාව වෙනතුරු සේවය කල බවත් තමන් සමඟ සිටි බොහෝ බටයන්ගේ බෙලි කපාගෙන යන අවස්ථාවේ ඔහු ඇදවැටී හිස බරපතල තුවාල වී අනුරාධපුර යුදහමුදා රෝහලට ඇතුලත් කර සිටි බවයි.

පසුව වෛද්‍ය ප්‍රතිකාර මත නිවසේ සිටි බව කියන ඔහු නිවාඩු අනුමත කිරීම් වැටුප් ලැබෙමින් පැවතියද ඒ සියල්ල එකවරම නැවතුන බවත් එම තත්වයන් පිළිබඳව විමසීමට යද්දී හමුදා කදවුරේ ප්‍රධානීන් තමන්ට පහර දෙන බවද කියා සිටී.

කෙසේවුවද, ආබාධිත තත්වයේ පසුවන මේ තරුණයා ට යුදහමුදාව මගින් ඒවා ඇති ලිපි එකින් එක පරික්ෂා කර බැලීමේදී පරස්පරතාවයන්ද දක්නට ලැබේ.

මේ තරුණයා වසරක් ඇතුලත යුදහමුදාවෙන් ඉවත් කල බවට ලිපියක් ඒවා ඇත.

එම ලිපිය ලියන දිනයට පෙර හා පසු නිවාඩු අනුමත හා වැටුප් ලබාගත් ලිපි ද ඔහු සතුව පවතී.

ආබාධිත තත්වයේ පසුවන මේ හිටපු හමුදා සෙබලා ගේ බිරිද හා දරුවාද අසනීප තත්වයක පසුවන බව අඩුම තරමේ ඉන්න හිටින්න තැනක් නොමැතිව අසරණව කවුරුන්හෝ කන්න අදින්න දෙන දෙයකින් ජිවත්වන බවද ඔහු කියා සිටී.

තමන් මේ පිලිබදව දන්වා ජනාධිපති වරයාට ලිපි යොමු කලද පලක් නොවූ බවත් තමන්ට යුදහමුදා වැටුප හෝ දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියි.

මාතර හිඟා කෑ සොල්දාදුවා

මාතර පදික වේදිකාවේ සිඟමන් යදිමින් සිටි හිටපු හමුදා ලාන්ස් කෝප්‍රල් මුතුමුනී සිරිමාල් චන්දන නැමැත්තකු සම්බන්ධයෙන්ද මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණිත

ඔහුද තමන් සතුව තිබූ හමුදාවෙන් නිකුත් කරන ලද සහතික කිහිපයක් පෙන්වමින් මෙසේ හිඟමන් යදිමින් සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka