අමාත්‍ය රවී කරුණානායකගේ සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ අත්සන් සහිත මුදල් නෝට්ටු භාවිතයෙන් ඉවත් කරන්නැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ බව කියන බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති චෝදනා සැලකිල්ලට ගෙන එම පියවර ගත යුතු බවයි එහි ජාතික සංවිධායක අසේළ සම්පත් කියා සිටියේ.
රවී කරුණානායක මුදල් අමාත්‍යවරයාව සහ අර්ජුන් මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාව සිටියදී නිකුත් කර ඇති මුදල් ප‍්‍රමාණය කොතෙක්දැයි වහාම සොයා බැලිය යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
රවී සහ අර්ජුන් අත්සන් කළ මුදල් නෝට්ටු ඉවත් කරන්න ලු
2017-08-06T13:10:00+05:30
Gossip Lanka Hot News








