gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාව රෑ ගහන ටෙස්ට් තරගයකට සුදානම් වෙයි


ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ඩුබායිහි පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ එක් තරගයක් දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් ආයතන එකඟ වී ඇත.

ශ්‍රී ලංකාව මේ දක්වා දිවා රාත්‍රී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර නොමැති අතර පාකිස්තානය දිවා රාත්‍රී ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කර තිබේ. එක්
තරගයක් ඩුබායිහිදී කොදෙව් කණ්ඩායමට එරෙහිව හා අනෙක් තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිවය.

මෙම තරගාවලියට ටෙස්ට් තරග 2ක්, එක්දින තරග පහක් හා විස්සයි20 තරග තුනක් ඇතුළත් වෙයි. කෙසේ වෙතත් තරග පැවැත්වෙන දින පිළිබඳව අවසන් තිරණයක් තවමත් ගෙන නොමැත.

සැප්තැම්බර් මාසයේ අවසානයේදී මෙම තරගාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව තිබේ. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට ඉන්දීය තරගාවලියක්ද පවතියි. දිවා රාත්‍රී ටෙස්ට් තරගය රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කරයි.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka