gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උසස් පෙළ විභාගය හෙට ඇරඹෙයි - තහනම් දේ මෙන්න

අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය හෙට (08) ආරම්භ වීමට නියමිතයි.

උසස් පෙළ විභාගයට පෙනීසිටින  අයදුම්කරුවන්, ස්මාර්ට් අත් ඔරලෝසු, ජංගම දුරකතන සහ විද්‍යුත් උපකරණ මගින් වංචා සිදු කරන්නේද යන්න
අවධානයෙන් සිටින ලෙස විභාග දෙපර්තමේන්තුව ශාලාධිපතිවරුන්ට දන්වා තිබෙනවා.

වංචා සිදු කරන අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන කිසිඳු විභාගයකට පෙනී සිටීම, වසර 05ක් දක්වා තහනම් වනු ඇති.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ පහළොස් දහස් දෙසිය විසි හත් දෙනෙකු පෙනී සිටිනවා.

ඒ අතර, විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන්ද සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
විභාග මධ්‍යස්ථාන 2230කදී උසස් පෙළ විභාගය පැවැත්වෙනවා.

මේ අතර මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පංති, දේශන, සම්මන්ත‍්‍රණ හා වැඩමුළු පැවැත්වීම ලබන 16 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට තහනම් වනවා.

එමෙන්ම අනුමාන ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය කිරීම, බෙදා හැරීම, අනුමාන ප‍්‍රශ්න පත‍්‍ර ලබාදෙන බවට පොස්ටර්, බැනර්, අත්පත‍්‍රිකා හෝ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධ කිරීම ද සපුරා තහනම් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 20 වැනිදා පැවැත්වෙන අතර එදින දක්වා මෙම තහනම ක‍්‍රියාත්මක වනවා.

කිසියම් පුද්ගලයෙකු මෙම නියෝග කඩ කරන්නේ නම් ළඟම පොලිස් ස්ථානයට, පොලිස් මූලස්ථානයට හෝ සිය දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.






gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka