මෙම වසරේ අවසන් චන්ද්‍රග‍්‍රහණය අද (07) රාත‍්‍රියේ දැක බලා ගැනීමට අවස්ථාව උදා වේ.
ඒ අනුව අද රාත්‍රි 10.53 සිට පැය එකයි විනාඩි 55 ක් පමණ මෙය දර්ශනය
වන බවත් චන්ද්‍රයාගෙන් සියයට 25 ක් පමණ වැසී යනු ඇති බව ද වාර්තාවේ.
අර්ධ චන්ද්‍රග‍්‍රහණයක් ලෙස මෙය ශ‍්‍රී ලංකාවට ද දර්ශනය වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරන්ත සඳහන් කරයි.
ශ‍්‍රී ලංකාවට යළිත් පූර්ණ චන්ද්‍රග‍්‍රහණයක් දිස්වන්නේ ලබන වසරේ ජනවාරී 31 වැනිදා බවද ඔහු කියා සිටියි.
මෙම අර්ධ චන්ද්‍රග‍්‍රහණයෙන් අනතුරුව ලබන 21 වැනිදා සූර්යග‍්‍රහණයක් සිදුවන නමුත් එය ශ‍්‍රී ලංකාවට දිස් නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.
අද රෑට හඳ බලන්න
2017-08-07T11:44:00+05:30
Gossip Lanka Hot News








