gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජඩේජාට පල්ලෙකැලේ තහනම් වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේදි  පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට අහිමිවි තිබෙනවා.

ඒ ඊයේ (06) නිමාවූ දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු පන්දුව පළුදු කිරිමේ
චෝදනාවට වැරදිකරු වි ඇති හෙයින්. ඒ අනුව ඔහුට එක් ටෙස්ට් තරගයක තහනමක් පැනවිමට අයි.සී.සී. ය තිරණය කළේ.

අයි.සී.සී. ව්‍යවස්ථාවේ 2.2.8 වගන්තිය අනුව ක්‍රීඩකයෙක්, සහායක කණ්ඩායමක්, විනිසුරුවරුන් හා තරග තීරක හෝ වෙනත් ඕනෑම පාර්ශ්වයක් ඉදිරිපිටදි පන්දුව පළුඳු කිරීම වරදකි.

ඒ අනුව ජඩේජාගේ තරග ගාස්තුවෙන් 50%ක දඩයක්ද පැනවෙනු ඇති අතර ඔහුට සෘණාත්මක ලකුණු තුනක්ද  එක්වෙනු ඇත.

නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පසුගිය ඔක්තෝබර් මාසයේදි අයි.සී.සී. ව්‍යවස්ථාවගේ 2.2.11 වගන්තිය කඩ කිරිම හේතුවෙන් ඔහුට සෘණාත්මක ලකුණක් හිමිවිය.

ඒ අනුව ඔහුගේ සෘණාත්මක ලකුණු සංඛ්‍යාව හතරක් වූ අතර එහි ප්‍රථිඵලය ලෙසට එක් ටෙස්ට් තරගයක් හෝ එක්දින තරග දෙකක් හෝ විස්සයි20 තරග දෙකක තහනමක් පැන වෙනවා.

මේ අතර ඊළග අවුරුදු දෙක තුළදී ජඩේජා සෘණාත්මක ලකුණු 8ක් එක්කර ගත හොත් ඔහුට ටෙස්ට් තරග දෙකක් හෝ එක්දින තරග හතරක් හෝ විස්සයි20 තරග හතරක තහනමක් පැනවෙනු ඇති.

මේ දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තවමත් කිසිඳු ක්‍රීඩකයෙකුට එවැනි තහනමක් පැනවි නැහැ.

තරගයේ 58 වැනි පන්දුවාරයේ අවසන් පන්දුව යොමුකරන විට ජඩේජා මෙම පළුදු කිරිම සිදුකර තිබෙනවා.  ඒ දිමුත් කරුණාරත්න වෙත පන්දුව යොමුකරන විටදීය. පිටියේ විනිසුරන් මේ පිළිඳව තරග තීරක රිචී රිචඩ්සන් වෙත පැමිණිලි කර ඇති අතර පසුව ජඩේජා ඔහු ඉදිරියේ සිය වරද පිලිගෙන ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka