අක්කරෙයිපත්තුව - ඔලුවිල් ප්‍රදේශයේ අවුරුදු පහමාරක් වයසැති කුඩා දරුවෙකු මෝටර් රථයක් තුළ මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.
මෙම දරුවා නිවස අසළ වෙළඳසැලකට ගොස් ඇති අතර, දිගු වේලාවකින් නිවසට නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සහ
නිවැසියන් එක්ව ඒ පිළිබඳ සොයා බලා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එහිදී නිවස අසළ මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක දරුවා මියගොස් සිටියදී සොයාගැනුනා.
මෙම දරුවා නවතා තිබූ මෙම මෝටර් රථයට නැග සිට ඇති අතර, පසුව දරුවාට රථයේ දොරගුළු විවෘත කරගැනීමට නොහැකිව හුස්ම සිරවීමෙන් මියගොස් ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
අදාළ මෝටර් රථයේ හිමිකරු ප්‍රකාශ කර ඇත්තේ මෝටර් රථයේ දුරස්ථ පාලකය මීට දින කිහිපයකට පෙර අක්‍රිය වී තිබූ බවයි.
ඒ හේතුවෙන් රථයේ දොර පිටතින් අගුලු දැමීමට නොහැකිවූ බවයි හිමිකරු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මෝටර් රථයක් තුළ 5 හැවිරිදි දරුවෙකුට සිදුවූ අවාසනාවන්ත සිදුවීම
2017-08-08T08:26:00+05:30
Gossip Lanka Hot News








