gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දෙතිස් වධයෙන් ශ්‍රී ලංකාව ආයෙත් පෙරමුණ ගනී !

ලෝකයේ වධහිංසා පමුණුවන රටවල් අතරින් ශ්‍රී ලංකාව නැවත වතාවක් පළමු ස්ථානයට පැමිණ සිටී.

පසුගිය අවුරුද්දේ වධබන්ධනයට ගොදුරුවූ රටවල් හැත්තෑ හයක පීඩිතයන් අතරින් පහෙන් පංගුවකට වැඩි පිරිසක් පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බව බ්‍රිතාන්‍යය මුලස්ථාන කොටගත් වධහිංසාවෙන් නිදහස
(Freedom from Torture – FFT) මානව හිමිකම් සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද අලුත්ම වාර්තාවෙන් හෙළි වෙයි.

ජාත්‍යන්තර වශයෙන් මෙසේ පිට පිට හයවැනි අවුරුද්දේත් අපකීර්තියට ලක්වන ශ්‍රී ලංකාවේ වධහිංසාවට ගොදුරු වී ගිය අවුරුද්දේ තමන්ගෙන් පිහිට පතා ආ සංඛ්‍යාව 230ක් බව “වධහිංසා සිදුවන්නේ කොහිද?” වාර්තාවේ FFT සඳහන් කරයි.

“වධහිංසාවෙන් නිදහස සංවිධානයේ සේවය ලබා ගැනීම සඳහා යොමු කරන ලද පුද්ගලයන් අතරින් වැඩිම සංඛ්‍යාවක් පැමිණි රට හැටියට එක දිගටම හයවැනි වතාවටත් 2016 දී මුල්තැන ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි,” FFT පවසයි.

“වර්තමාන ආණ්ඩුව බලයට පත් 2015 සිට රඳවාගෙන වධහිංසා කරන ලද පුද්ගලයන් මීට ඇතුලත් වෙයි. සැලකිය යුතු පිරිසක් බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබීමෙන් පසු වධහිංසා කරනු ලැබූ අයයි.”

අලුත් ආණ්ඩුවේ ‘දෛනික චර්යාව’ :

වද විඳ තමන් වෙත ආ අයකු වර්තමාන ආණ්ඩුවේ පාලනය යටතේත් දිගටම සිදුවන හිංසන සම්බන්ධයෙන් කළ බිය දනවන ප්‍රකාශයක්ද FFT විසින් උපුටා දක්වා තිබේ.

“අලුත් ආණ්ඩුවක් තියෙනවයි කියලා කාට වුනත් කියන්න පුළුවන්. ඒත්, ඉහල තියෙන මූණු වෙනස් වෙලා තියෙන්නේ බොහොම ටිකයි. ලිංගික දූෂණය, වද දීම හා පැහැරගෙන යාම තවමත් සිද්ධවෙනවා. කිසිම දෙයක් වෙනස් වෙලා නෑ.”

ඉකුත් දහඅට මාසය තුල ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් වධහිංසාවටත්, ලිංගික ප්‍රචණ්ඩතාවටත් ගොදුරු කරගන්නා ලද 57 දෙනකුගේ විස්තර රැගත් වාර්තාවක් දකුණු අප්‍රිකාව මුල්ස්ථාන කොට ගත් සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ පසුගිය මාසයේය.

රාජපක්ෂ ආණ්ඩු සමයේ මෙන්ම මෛත්‍රී – රනිල් පාලනය යටතේත් වධහිංසා කිරීම ආවේනික සහ දෛනික චර්යාවක් ලෙසින් පවත්වාගෙන යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිගමනයකි.

-radiogagana

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka