gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යතුරුපැදි වලට සහනදුන් හේතුව ? - අගමැති කියයි

රාජපක්ෂලා ගත් අති දැවැන්ත ණය ගෙවා ගැනීමට හැකි තරමේ ආදායමක් වර්ධනය කර ගෙන තිබෙන බැවින් වත්මන් රජය කුඩා ලොරි රථ, සින්ගල් කැබ් හා යතුරුපැදි සඳහා මෙතෙක් ගෙවූ බදු වලින් 90% ක් අඩු කරමින් සහන ලබා දීමට හැකි වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අකුරැස්ස ආසනයේ හුලංදාව, මාලිම්බඩ, තිබ්බටුවා යන ප්‍රදේශයන්හි
ප්‍රාදේශීය සභා කාර්යාල විවෘත කිරීම් හා වතු නිවාස ව්‍යාපෘති හා කුඩා ජනහමු අවස්ථාවන්වලට සහභාගී වෙමින් අගමැතිවරයා 18 දා එබව සඳහන් කළේය.

“අන්තර්ජාල භාවිතයට බදු පනවද්දී තරුණයෝ අපට දොස් නැගුවා. අන්තර්ජාල භාවිතය වැඩි කරන බව මැතිවරණ සමයේ පවසා දැන් කරන්නේ කුමක්දැයි විමසුවා. මේ බදු වැඩි කරන්නේ තාවකාලිකව බව අප එහිදී පැවැසුවා.

ආර්ථිකය හැදෙන තුරු කල් දෙන ලෙස ඉල්ලා සිටියා. ඇතැම්විට අපට අමාරු තීරණ ගන්නට සිදු වෙනවා. බැනුම් අහන තීරණ ගන්න වෙනවා. නමුත් අද වනවිට අපේ ආදායම ණය ගෙවා දැමිය හැකි මට්ටමකට ගෙනැවිත් තිබෙන නිසා අපි පැනවූ බදු ඉවත් කළා.

ආර්ථික වශයෙන් වැදගත් වන කුඩා වාහන මිල අඩුකර තිබෙනවා. "බට්ටා" වාහනවල බද්දත් අඩුකර තිබෙනවා. ඒ අනුව ලක්‍ෂ තුනකින් පමණ ඒවායේ මිල අඩුවේවි.

තරුණයන් සඳහා යතුරු පැදි අත්‍යවශ්‍යයි. සමහරුන්ට විශාල ප්‍රමාණයේ යතුරු පැදි මිලදීගත හැකියි. නමුත් කුඩා වාහන මිලදී ගන්නා අයට අප විශේෂ සහනයක් ලබාදී තිබෙනවා. එම වාහන ගෙන්වීම අපරාධයක් නාස්තියක් නොවේ. එයින් කුඩා ගම්මාන වල ආර්ථිකය දියුණුවට ගත් වෙනවා.“ අගමැතිවරයා පැවසීය.

ජනතා ප්‍රසාදය :

යහපාලන ආණ්ඩුව කුඩා ලොරි රථ, සින්ගල් කැබ් හා යතුරුපැදි සඳහා මෙතෙක් ගෙවූ බදු වලින් 90% ක් අඩු කිරීමත් අන්තර්ජාල ගාස්තු 20% කින් අඩු කිරීමත් ගැන ජනතාව ප්‍රසාදය පළ කරති.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් ඉන්දික මේරින්චි මහතා පවසන්නේ අවුරුදු 04 කට පෙර නිෂ්පාදිත කුඩා ලොරි හා සිංගල් කැබ් රථ සහ අවුරුදු 03 කට පෙර නිෂ්පාදිත යතුරු පැදි මිලදී ගන්නා අයට මේ වාසිය හිමි වන බවයි.

යලි ජපන් යතුරු පැදි මිලදී ගැනීමට පුළුවන් ගාණකට ආනයනය කිරීමට හැකි බවද ඔහු පවසයි.

මේ අතර අන්තර්ජාල බදු ඉවත් කර ගාස්තු අඩු කිරීම ගැන වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ද සිය ප්‍රසාදය පළකරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka