gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පියාගේ දේහයට වැඳ ශිෂ්‍යත්වය ලියන්න ගිය දුව

ඊයේ පැවති 5 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දැරියකට විභාග දිනයේ මියගිය තම පියාගේ දේහය නිවසේ තිබියදී විභාගයට පිටත්වන්නට සිදුවීමත් ඇය එම අවස්ථාවේ කාගේත් නෙතට කඳුලක් එක්කරමින් දේහයට වැඳ අවසර ගෙන විභාගයට යාමේත් සිදුවීමක් සුරියවැව විහාරගල ප්‍රදේශයෙන් වාර්තා විය.

අවුරුදු 52ක් වයසැති එම් පී සෝමදාස නමැති ඇගේ පියා අකල් මරණයකට ගොදුරු වූයේ මොළයේ පිළිකාවක් වැළදීම හේතුවෙනි.

දියණියන්  6 දෙනෙකු එම පවුලට සිටින අතර 2 නෙකු විවාහවී වෙනම සිටින බවත් 4 දෙනෙකු පාසල් යන බවත් වාර්තා විය. හර්ෂි සඳමාලි නමැති දැරිය මේ වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අතරම තවත් දැරියක මේ වසරේ උසස් පෙළටද පෙනී සිටින්නට නියමිතය. ඉතා කෙටි කාලයක් තුළ පියාගේ අසනීපය වාර්තාවී තිබෙන අතර ඔහු මියගොස් ඇත්තේ පසුගිය 18 වනදාය.
සිදුවීම සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිය මෙසේ කියා තිබේ.
‘මිය ගියේ මගේ මහත්තයා.එක සැරේටම තමයි මගේ මහත්තයා ලෙඩ වුණේ.අපිටත් මේ මොනවත් හිතාගන්න බැ.මහත්තයා රස්සාවට කලේ මේසන් වැඩ කරන එක.අපි කවුරුත් ජිවත් වුනේ මහත්තයාට ලැබෙන මුදලින්. මහත්තයාගේ දේහය ගේ ඇතුලේ තියෙද්දී තමයි චූටි දුව ශිෂ්‍යත්ව විභාගයට ගියේ. මහත්තයා අන්තිමටම අසාධ්‍ය වුණ දවසෙත් මට කිව්වේ මං නැති වුනත් දරුවෝ ටිකට හොදට උගන්වන්න කියලා.‘


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka