gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උපුල් තරංග ඉවසීම ගැන කතා කරයි

කණ්ඩායම ගැන විශ්වාසය තබන ලෙසත් ඕනෑම කණ්ඩායමක් පසුබෑම්වලට ලක්වෙන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සීමිත පන්දුවාර නායක උපුල් තරංග සඳහන් කරයි.

ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන් කණ්ඩාමේ සාර්ථකත්වය තිරය පසුපස දකින බවත් මතුපිටින් එය පෙනීමට ටික කලක් ගතවන බවත්ය.

මදක් ඉවසා සිටින ලෙසත් කණ්ඩායම ලබාගෙන ඇති ජයග්‍රහණ අමතක
නොකරන ලෙසත් ඔහු ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.

“ හැම කණ්ඩායමක්ම පසුබෑම්වලට මුහුණ දෙනවා. ඒක ලෝකයේ සෑම කණ්ඩායමකටම අදාළ වන න්‍යායක්. කොතරම් දක්ෂ කණ්ඩායමක් වුණත් පසුබැසීම් සඳහා විටින් විට මුහුණ දෙනවා. වසර 18ක කාලයක් ශ්‍රී ලංකාව ටෙස්ට් හා එක්දින හා විස්සයි20 යන තරග රටාවන් වල දක්ෂතා දැක්වූවා. අප කණ්ඩායම දැන් මුහුණ දෙන අමිහිරි තත්ත්වය හමුවේ රය අමතක කරන්න එපා.

“ උපායමාර්ගික හේතු මත සමහර දේවල් තියෙනවා අපට විවෘතව කතා කළ නොහැකයි. නමුත් නිසැක වශයෙන්ම අපි තිරය පසුපස ප්‍රථිඵල අපි දකිනවා. එහි ධනාත්මක බලපෑම මතුපිටින් පෙනෙන්ට කල් යාවි. ඉතින් මම කියා සිටින්නේ මදක් ඉවසා සිටින්න. වැදගත්ම කරුණ වන්නේ අප කෙරෙහි විශ්වාස තබන්න.”

“කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම වෙනුවෙන් ප්‍රෙක්ෂකයන්ගේ සහාය ප්‍රධාන කරුණක්. අපි ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන්. මිලියන 20ක් වන ජනතාවට අඩම්බරය ගෙන ඒමයි අපේ අභිප්‍රාය. ඒ සඳහා ඔබගේ සහාය අවශ්‍යම මොහොතයි මේ. ඔබෙන් ඉල්ලා සිටින්නේ සිංහයින් සේ නැවත අපිට නැගී සිටින්න අපිට ශක්තියක් වන්න”.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka